
(ශාන්ත චන්ද්‍රසිරි)
ගම්පොල, දොළුව, අඹගස්තැන්න ප්‍රදේශයේ වල්බිහි වූ ඉඩමක තිබියදී අද (23) මන්දකට හසුව මියගොස් සිටි දිවියෙකුගේ සිරුරක් සොයා ගත්බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.
වනජීවී නිලධාරීන් එම ස්ථානයට යනවිටත් දිවියා මිය ගොස් සිටි බව අනාවරණය වී තිබේ.
සතුන් දඩයම් කිරීමේ අරමුණින් පෞද්ගලික වත්තක අටවා තිබු මන්දකට හසුව මියගොස් ඇති දිවියා, වයස අවුරුදු 4ක පමණ වැඩුණු සතෙකු බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීහු කියති.
වනසතුන්ට උගුල් හෝ මදු ඇටවීම නීතිවිරෝධී ක්‍රියාවක් බැවින් මෙම මන්ද ඇට වු පුද්ගලයාද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණිවීමට කටයුතු කරන බවද මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද එම නිලධාරීහු වැඩිදුරටත් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපමණ කලකට කාවහරි අල්ලලා තියෙනවද.?
අවසාන කඳුකර දිවියත් උගුලකට හසුවෙලා මැරුණට පස්සේ වනජීවී එකට සතුටුවෙන්න පුළුවන්, පුළුන් පුරවපු දිවියෝ ගොඩක් ඉන්නවා කියලා.
මම හිතන්නේ මේ 6වෙනි දිවියා. කවුද මේවා අටවන්නේ.?
මස් වැද්දන් විසින් මේ කරනා වූ සත්ව සංහාරය වහාම නවතා දැමීමට හා මේ මස් වැද්දන් අත්අඩංගුවට ගෙන දඬුවම් කොට සිරගත කිරීමට වර්තමාන පාර්ලිමේන්තුව විශේෂ සාකච්ඡාවක් පවත්වා වන සතුන් හා සොබාදහම රැක ගැනීමට කටයුතු කරන්නේ නම් මැනවි... !!! ස්තුතියි.