
(ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථානයකින් පලා යමින් සිටි පිරිමි දරුවන් තිදෙනකු අද (22) පොලිසිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
අවුරුදු 15 ක් පමණ වයසැති එම දරුවන් තිදෙනා ලමා සංවර්ධන මධ්‍යස්ථානයේ ජනෙල් ආවරණ කපා ඉවත් කරගෙනඅද (21) අලුයම එම ස්තානයෙන් පලා යමින් සිටින බවට ලද තොරතුරක් මත මෙසේ පොලිස් බාරයට ගෙන තිබේ .
එම දරුවන් තිදෙනා අධිකරණ නියෝග මත එම ලමා සංවර්ධන මධ්‍යස්ථානයේ රඳවා තබාගෙන සිටින අය බවත් එම දරුවන් තිදෙනා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සිට පාසල් යන දරුවන්
බවත් පොලිසිය පවසයි .
පොලිස් බාරයට පත් එම දරුවන් තිදෙනා ව මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියා
මාර්ග ගන්නා බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයි නිකම්ම පැනලා යන්නේ නැහැ අනිවාර්යයෙන්ම ශාරීරික හෝ මානසික කරදර ඇති පාලකයන් අත්අඩංගුවට ගත්තා නම් අනාවරණය කරගන්න තිබුණු ළමා රැඳවුම් මධ්‍යස්ථානවලට අවධානය යොමුවීම මදි... ඇත්තම කියනවා නම් හොයන්නේම නෑ වගේ, පිටට පෙන්වන සුන්දරත්වය ඇතුළේ තියෙන්න බැහැ.