
( උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන වැද්දගල ප්‍රදේශයේ රක්ෂිතයකින් කපා බලපත්‍ර නොමැතිව ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ වෙනිවැල්ගැට තොගයක් සමග සැකකරුවකු අද (23) උදෑසන කාලයේදී අත්අඩංගුවට ගත් බව කලවාන පොලීසිය පැවසීය .
කලවාන පොලීසියේ රාත්‍රි මුර සංචාරක නිලධාරීන් ත්‍රී රෝද රථය ගැන සැක සිතී හඹාගෙන ගොස් කලවාන කලු පාලම ප්‍රදේශයේදී ත්‍රී රෝද රථය පරීක්ෂා කිරීමේදී වෙනිවැල්ගැට තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් වෙනිවැල්ගැට තොගයේ කිලෝ ග්‍රෑම් 230 ක් පමණ වන බව පොලීසිය පැවසීය වෙනිවැල්ගැට තොගය රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ බව පොලීසිය පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගන්නෙ බෙහෙත් වලට කැලේ නැතිව වෙනිවැල් ගෙවල්වල හදන්නෙ නැති එකේ ප්රතිපල. ආයුර්වේද දෙපාර්ථමෙන්තුවෙන් වානිජ වගාවක් ලෙස ප්රවිධනය කරන්නෙ නැත්තෙ ඇයි? වලල්පට්ටවලටත් උනේ මේ සෙතේ. වල්ලපට්ට විලවුුන් අපනයනය කරන්න පහසුකම් දෙනව වෙනුවට කරන්නෙම නතර කරන්න හදන එක.