
(බටපොල දීපාල් ද සිල්වා)
අම්බලන්ගොඩ ගාලුපාරේ මාදම්පේ පැරට් හන්දියේදී අද (22) උදේ 9.00ට පමණ යතුරුපැදියකින් ගමන් කරමිනි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා කුලීගොඩ, මහරුප්ප ප්‍රෙද්ශයේ පදිංචි 49 හැවිරිදි තිරිමාදුර අජිත් සොයිසා නොහොත් බෙනට් අජිත් නැමැත්තෙකි.
අම්බලන්ගොඩ සිට සිය නිවස බලා යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලිසිය කියයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බලපිටිය රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් මියගොස් සිටියේය.
අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු නෙමෙයි නම් තමයි පුදුමේ...
වෙනසක් වෙන පාටක් නෑ...
යන විදියට නම් ලංකාවත් හරියට වෙනිසියුලාවේ කැරකස් නගරය වගේ වෙයි. අපරාධ, මිනීමැරුම්, වෙඩි තැබීම්, මේවා නතර වෙන්නේ කවද්ද?
සියලුම නීතිවිරෝධී අවි බාර දීමට සති දෙකක පොදු සමාකාලයක් දී ඉන් පසුව බාර නොදෙන්නන්ට ඒවායෙන්ම සලකා මෙවැනි ක්‍රියා නතර කරමු... එයට සුදුසුම කාලය පැමිණ ඇත.