
පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයන් සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත දන්වා තිබේ.
එළඹෙන අගෝස්තු 25 සහ 26 යන දෙදින තුළදී පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර 01 හිදී මෙම වැඩමුළුම පැවැත්වීමට පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සියලු කටයුතු සැලසුම් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම වෙනුවෙන් සංවිධානය කොට ඇති මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන අතර කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද ඊට සහභාගී වීමට නියමිත ය.
මෙම වැඩමුළුව සඳහා සහභාගීවන ලෙස පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ට ආරාධනා කරන බවද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වැඩමුලුවේ පළමු සම්පත් දායකයා වශයෙන් එන කවුරැ හරි පුලුවන්නම් අඩුම මේ සෙට් එකට පාරේ යන හැටිවත් කියලා දුන්නොත් ඇති. මොකද අපි හිතපු අපි හිතන මොකුත් වෙන්නෑ, පොඩි වෙට්ටුුවක් මිනිස්සුන්ට දාලා ඔවුන්ට චූන් එකක් දීලා අයියලා ආපහු ගෙම ගහනවා, මින්ස්සු හිතාගෙන ඉන්නේ දැන් සියල්ල හරී කියලා.