අධ්‍යාපන ඇමති ගුරුවරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි
සියලුම රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය පරිදි කාර්යාලවලට පැමිණ රාජකාරී කළ යුතු බවට රජය දැනුම් දී ඇති බැවින් පාසල්වලට පැමිණ පාසැල් විවෘත කිරීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතුවලට යෙදෙන්නැයි සියලු ගුරු භවතුන්ගෙන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් තමන් ඉතා ඕනෑකමින් සහ ආයාචනාත්මකව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.