(ඉන්දිකා  රාමනායක)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විවිධ දුෂණ ක්‍රියා සම්බන්ධව සහ සිරකරුවන්ට වද හිංසා කිරිම් හෝ පහරදීම් සිදුකිරිම  සම්බන්ධයෙන්  නිලධාරින් වැඩතහනමට ලක්වු පසු ඔවුන්ගේ විනය පරීක්ෂණයන් හෝ අධිකරණ කටයුතු අවසන් වන තෙක්ම  ඔවුන් නැවත සේවයේ පිහිටුවිම පිළිබදව සලකා නොබැලිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර  ඇත.

මෙම නිළධාරින් තවදුරටත් සේවයේ තබාගැනිම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යහපැවැත්මට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිළධාරින් සිදුකරන විශිෂ්ඨ සේවයටද හානිකර වන  බව මාධ්‍ය ප්‍රකාශක පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි . 

මේ පිළිබදව දැඩිව අවධනාය යොමු කර එවන් නිළධාරින් වරදකරුවන් වන්නේනම් සේවයෙන් පහ කිරිමට හෝ දැඩි දඩුවම් ලබාදිමටත්  කටයුතු කරනු කරන බවද හෙතෙම කියා සිටියේය .

මේ පිළිබදව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් සියඑම අධිකාරිවරු වෙත දන්වා නිළධාරින් දැනුවත් කිරිමට කටයුතු කර ඇත. 

එසේම මීට සමගාමීව සියඑම බන්ධනාගාරවලට ගොස්  නිළධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් ද ඉදිරියේදි ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇති බවද හෙතෙම කීය.. 

එසේම බන්ධනාගාර රැදවියන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නිතිවිරෝධි කටයුතු පිළිබදව දැනුම් දිමට විශේෂ දුරකථන අංකයක් ද ලබා දි ඇත.. 

 0112678600 .  අංකය වෙත ලබා දෙන තොරතුරු වල රහස්‍යභාවය රැකිමට ද කටයුතු කරනු ඇත.