ඩෙල්ටාවෙන් ගැලවීමට එන්නත් මාත්‍රා දෙකම ඕනෑ
වේගවත් පැතිරීමක් ඇති සහ බරපතළ සංකූලතා මතු කරවන ඩෙල්ටා සැර කොරෝනා වයිරසයෙන් බේරීමට නම් එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යෙන්ම ලබා ගත යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.