බූස්ස බන්ධනාගාර නිලධාරී-එස්.ටී.එෆ් ගැටුම සමථයකට
බූස්ස අධි ආක්ෂිත බන්ධනාගාරයේ දී බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ පිරිසක් පසුගියදා අතර ඇති වු ගැටුම සමථයකට පත්කර ඇති බවත්, මෙම සිද්ධිය එහි නේවාසික සිටින සිර හා සැකකරුවන්ට කිසිදු බලපෑමක් එල්ල නොවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අද (14) පැවැසීය.