(සුජිත් හේවාජුලිගේ)
කොළඹින් පරාද වී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ්ඩකු වන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙකු යැයි සමහරුන් පවසන බව පැවසූ විපක්ෂනායකවරයා කොළඹ දිස්ත්‍රික්කයෙන් පැරදී ගෙදර ගිය ඔහු ජනාධිපතිවරයා බවට පත්වීම නිසා එසේ පවසන්නේ යැයිද ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වූ ක්‍රමවේදය ප්‍රශ්න නොකරන බවත් එම පත්වීම සිදු වූයේ ව්‍යවස්ථානුකූලව බවත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
රාජපක්ෂ හොරු රැල රකින බවට තමන්ද පොරොන්දු වූයේ නම් අද තමා මෙරට ජනාධිපති බව ඔහු තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට තේරෙන්නේ නෑ වැඩට දක්ෂයා ආසයි බයයි වගේ වැඩ කරන්නේ නෑ කියලා. රනිල් ජනාධිපති වැඩ පුලුවන් බව පෙන්වන්න මේ මාස 2 හොදටම ඇති. කෝ පෝලිම් දැන් තියෙනවද. ඉන්දියාව ජනාධිපතිට නොමිලේ දුන්න සමුද්‍ර නිරීක්ෂන යානාව හොද නිදසුනක්. මෙයාට මේවා කරන්න පුලුවන්ද? මෙයා තවමත් නොදරුවෙකි. දේශපාලනය අපේ ජනාධිපති රනිල්ගෙන් ඉගෙන ගන්න. කට පරිස්සම් කරගන්න. ආරේ ගති නෑරේ කියන්නේ මේවට.
රනිල් වැඩ්ඩෙක්ද? නැද්ද? කියන එක නෙවෙයි වැදගත් ප්‍රශ්නේ... තමුන්ට අගමැතිකම බාරගන්න කියූ වෙලාවේ බාරගත්තා නම් තමුන්ගේ වැඩ පෙන්නන්න තිබුණා නේද? ආසයි බයයි කියලා බැහැ. අවස්ථානුකූලව වීර මද්දුම බණ්ඩාර වෙන්න ඕනේ... ඊට පස්සේ තිබුණා පොදුජනයාට හේතූන් දක්වා ඉදිරි වැඩ පිළිවෙළ කියන්න. මේ කාගෙ කාගෙත් කටමැත දොඩවන කාලය නොවේ...
එහෙනම් ඔහේ ද වැඩ්ඩා. හී .හී
වැඩ්ඩෙකු යැයි සමහරුන් පවසනව
ඔයාගේ වැඩ තියෙන්නේ කටින් විතරයි.
මහාචාර්ය සජිත් ප්‍රේමදාස තමයි වැඩකාරයා ...! කොරෝනාවෙන් බේරීමටත් බෙහෙත් නියම කළ ලෝකයේ එකම දේශපාලනඥයා තමයි විශාරද සජිත් ප්‍රේමදාස. නමුත් අවසානයේදී හම්බන්තොට මැතිවරණ කොට්ඨාසය දමා ගහලා කොළඹ පැත්තට යන්නටත් එතුමාට සිද්ද වුණා ... !
බයිලා ගහනවා.
Please don't pull his legs. support him for sake of the country. Also release the intelligent MPs from your party to support him.
රනිල් නියම වැඩ්ඩෙක්
ඒ කතාව රාජපක්ෂ වරු රක්න්න නම් ඕන කෙනෙකුට ජනාධිපති වෙන්ඩ තිබුනා. දැන් පුලුවන්නම් ඡන්දයක් තියලා බලමු කවුද දින්න්නේ කියලා.
අනෙක් අය පොඩ්ඩො වෙනකොට වැඩ්ඩොත් වැඩ්ඩෝ වෙනවා. රනිල් වැඩ්ඩා කොටින්ට පණ දීලා තමයි ඔතැනින් යන්නේ... එච්චරයි පේන්න තියෙන්නේ..!
උසනම් සිකුරිට් මිටිනම් කම්කරු , ඔය ඔයා කරල පෙන්නුව තරම තමා
රනිල් තමුන්ට වඩා වැඩ්ඩෙක් කියලා අවස්තා කීපයකදී පෙන්වා දීලා තියෙනවා .අවාසනාවකට වටේ ඉන්න දූෂිත දේසපාලුවෝ හරියට වැඩක් කරන්ඩ ඉඩ දුන්නේ නැහැ.
නායකයෙක් වෙන්න ඉන්න කෙනෙක් මේ වගේ තුට්ටු දෙකේ වචන පාවිච්චි නොකරයි. මෙයා නියම කෙසෙල්වත්තේ කෙනෙක්...
වැඩ්ඩා මමයි, වැඩ්ඩා මමයි අපේ රාජ්ජේ... උස සිකුරුටි..., මිටි කම්කරු අපේ රාජ්ජේ... වැඩ්ඩා මමයි.. වැඩ්ඩා මමයි අපේ රාජ්ජේ... දබරැඟිල්ල උලුක් කරලා ගිරියෙන් කෑගහලා කියන වැඩ්ඩා මමයි... අපේ රාජ්ජේ වැඩ්ඩා මමයි... වැඩ්ඩා මමයි අපේ රාජ්ජේ...!
අපේ ඡන්ද දායකයින් බොහෝමයකට වැඩ්ඩා කවුද? මැට්ටා කවුද? කියලා හඳුනාගන්න බැහැ.
ජනතාව අන්දවන්න ඩිල් ගහන්න, හොර තක්කඩියන් ආරක්ෂා කරන්න නම් මරුම මරු වැඩ්ඩෙක් එයා...
වැඩ්ඩෙක්ද? හඩ්ඩෙක්ද? කියලා තවටික දවසකින් පෙනේවි. හැබැයි හඩ්ඩෙක් වෙන ලකුණු තිබෙනවා.
You are just talker without any contribution to the country, Do not expect of winning the election ,talking all foolish things. First what ever , respect your former leader, who saved your father in many ways. When you talked and behaved like this people would reject you as a leader. Please use your brain now it self and support the government in responsible ways to solve our economic crisis.
රනිල් වැඩ්ඩෙක් හඩ්ඩෙක්ද කියලා තවටික දවසකින් බලා ගන්න පුළුවන්.