ළදරු කිරි බෝතල්වල ප්‍රමිතිය සොයයි ළදරුවන්ට දියර ආහාර ලබාදීමේදී භාවිතා කරන ප්‍රමිතියෙන් තොග ප්ලාස්ටික් බෝතල් අළෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීති පියවර ගැනීමට පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (14) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 14 March 2022
කොවිඩ් ආසාදිතයන් තව 345 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 345 දෙනකු අද (14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 14 March 2022
ආයෝජනයට ජනපතිගෙන් සෞදි රාජ්‍යයට ඇරයුම් මෙරට ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරු හමුවේ පැවසීය. 14 March 2022
බීමතින් සිටි සිසුවා කෙටවල අමුණට බිලි ගම්පහ, කෙටවල අමුණෙහි දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතුරින් 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 14 March 2022
ඩොලර් නැතිව ගෑස් නැව් හිරවෙයි ශ්‍රී ලංකා මුහුදු සීමාවට සති දෙකකට පෙර ළගාවූ ගෑස් නෞකා දෙක නිදහස් කරගැනීමට ඩොලර් නොමැති වීමෙන් රට තුළ දැඩි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ලිට්රෝ සමාගමේ නිලධාරියෙක් අද (14) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 14 March 2022
යාපනයේ සිසුවෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී යාපනය කොක්කුවිල් හින්දු ප්‍රාථමික විද්‍යාලයේ තමිල්සෙල්වම් ගජලක්ෂන් සිසුවා මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබා ඉහළම සමත් වි ඇත. 14 March 2022
කෝටි 8ක ගංජා ගෙනා පස් දෙනා රඳවා ගන්න අවසර ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන එමින් තිබූ ‘මන්නාරමේ ශිවා’ නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටියැයි පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනකු ලබන 20 වැනිදා තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රදවා තබාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (14) නියෝග කළේය. 14 March 2022
ඇමැති ප්‍රසන්න සහ බිරියට එරෙහි ඉඩම් නඩුවේ සාක්කි විභාගය අවසන් කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් විසිහතරක් එම ඉඩමින් ඉවත් කොට එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවට චෝදනා කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද අවසන් විය. 14 March 2022
කොවිඩ් ගැසට්ටුවට එරෙහි පෙත්සම 31 කැඳවයි කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් 30 වන දිනෙන් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තිකයන් පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා ලබන 31 වැනිදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කළේය. 14 March 2022
හෙටත් පැය 3 යි විනාඩි 45 ක් විදුලය නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (15) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ (13) පස්වරු පැවසීය. 14 March 2022
කොවිඩ් මරණ 10 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 March 2022
සෞදි විදේශ ඇමැති ජී.එල් පීරිස් හමු වෙයි දිවයිනට පැමිණ සිටින සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍ය ෆයිසල් බීන් ෆරහාන් බින් අබ්දුල්ලා අල් සෞද් කුමුරු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විය. 14 March 2022
නව ගාස්තු ගැන බස් සංගම් මත ගැටුමක් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් අතර මත බේදාත්මක තත්වයක් හටගෙන ඇත. 14 March 2022
ඩොලර් හිඟයෙන් රන් පවුම තව ඉහළට ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (14) පස්වරුව වන විට රුපියල් 140,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. 14 March 2022
ත්‍රස්ත පනතට උපදේශක සභාවේ අනුමැතිය ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 14 March 2022
අන්තරේ කොටුවේ සත්‍යග්‍රහයක විශ්වවිද්‍යාල වාහාම විවෘත කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (14) පෙරවරුවේ සංකේත සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. 14 March 2022
පෙළ පොත් මුද්‍රණයත් නවතින ලකුණු නිසි වේලාවට මුද්‍රණ කඩදාසි නොලැබුණහොත් පෙළ පොත් මුද්‍රණය අඩාළ විය හැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය. 14 March 2022
ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමාණවත් තොග පවතින බවත් විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තරම් ඉන්ධන ලබාදී ඇති බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (14) පැවසීය. 14 March 2022
බ්‍රිතාන්‍යයෙන් මෙරටට එන එරට වැසියන්ට අනතුරු අඟවයි දැඩි ආර්ථික අර්බුදයකට ලක්වීම නිසා ඖෂධ, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතින බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී කල්පනාකාරී වන්නැයි බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර තිබේ. 14 March 2022
ජනපති හෙට ජාතිය අමතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා (16) පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 14 March 2022
සටනේ අවසානය ගම්මන්පිල කියයි වර්තමානයේදී ජනතාව පෝලිම් වල දුක් විඳින්නේ හිතාමතා ආර්ථිකය කඩා වැට්ටවීමේ උපායන් නිසා බවත්, එය ඇතිවුණු තත්වයක් නොව ඇති කළ තත්වයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය. 14 March 2022
‘ රටපුරා පරිසර උද්‍යාන ඉදිකරයි‘ පුරන් කුඹුරු යළි අස්වද්දමින් පරිසර උද්‍යාන රටපුරා පිහිටුවීමේ නව වැඩපිළිවෙළක් අගමැති, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලැබ ඇත. 14 March 2022
‘උපාධි ආයතනයේ කෝටි පහකට විදලා‘ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ හිටපු ප්‍රධානියකු රුපියල් පන් කෝටියකට වැඩි මුදලක් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් ) තොරතුරු අනාවරණය කරගෙන ඇත. 14 March 2022
බස් ගාස්තු වැඩිවෙයි නව බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 17 ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 20 ක් බවට පත්ව තිබේ. 14 March 2022
සෝනියා-රාහුල්-ප්‍රියංකාගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප වෙයි ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා පක්ෂයේ ඔවුන්ට හිමි තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ නමුත්, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලට ඊට ඒකමතිකව විරෝධය පළ කළේය. 14 March 2022
සංචාරකයින්ගේ ආරක්ෂාව වැඩි කරන්න අලුතින් පොලීසි 12 ක් මෙරටට පැමිණෙන සංචාරකයන් ආරක්ෂාව තහවුරු කිරීම සදහා සංචාරක පොලිස් ස්ථානය වැඩි වශයෙන් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි. 14 March 2022
සෙලෙන්ස්කී හමුවන්න පුටින් කැමැත්තෙන් රුසියාවත් යුක්රේනයත් අතර යුද ගැටුම් අතරතුරේ දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර දිගින් දිගටම අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන අතර, එම සාකච්ඡා සඳහා සහභාගී වන නියෝජිතයන් පවසා ඇත්තේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පමණක් නොව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද එකිනෙකා හමුවීමට කැමැත්ත පළ කරන බවය. 14 March 2022
කෝටියක් ගිල්ල තවත් සුදු අලියෙක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ක්ෂණික පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ස්ථාපනය කරනු ලැබූ ක්ෂණික දුරකථන සේවාව සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වැය කර ඇතත් ඉන් නිසි ප්‍රතිඵල ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 14 March 2022
පිණ්ඩපාත වැඩිය හිමිනම වල් අලි ප්‍රහාරයෙන් අපවත්වෙති බලන්ගොඩ , මඩුගස්තලාව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසු හිමිනමක් අද (14) පෙරවරුවේ වල් අලි ප්‍රහාරයකට ලක්ව අපවත් වී ඇති බව පොලිසිය කියයි. 14 March 2022
දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධියේ වෛද්‍යවරයා යළි රිමාන්ඩ් බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය ශර්ලි දයානන්ද හේරත් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය. 14 March 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026