(අංජුල මහික වීරරත්න)
දඬු ලේනා ජාතික සත්වයා තත්ත්වයෙන් ඉවත් කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කළ බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, වන ජීවී අමාත්‍යාංශ ලේකම් ඇතුලු පිරිසක් එම කමිටුවේ සාමාජිකයෝ වෙති.
කමිටුව දෙන තීන්දුවත් මහජනතාවගේ අදහස් හා යෝජනාත් අනුවත් කටයුතු කරන බවත් දඬුලේනා තවදුරටත් ජාතික සත්වයා ලෙස තබා ගැනීමට කැමති නම් ඊට කිසිදු විරුද්ධත්වයක් නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දඬුලේනා ජාතික සත්වයා තත්ත්වයෙන් ඉවත් කිරීම පිළිබඳව හිතුවක්කාර තීරණ කිසිවිටෙක නොගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දඬුලේනා වගා හානි සිදුකරන සත්ව ලැයිස්තුවට ඇතුළත් කිරීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය මීට පෙර තීරණය කළද දඬුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා ලෙස නම් කර තිබීම නිසා එම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ ගැටළු සහගත තත්ත්වයක් උද්ගත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල දඬුලේනා ගේ ප්‍රියතම ගීතය - " ඔලුව තදින් නරක් වෙච්ච, මිනිසුන් පිරිසක් රැදිච්ච අරුම පුදුම රටක් තියෙනවා ඔයි .... "
මුලු රටම විනාශ කරන අය පාර්ලිමේන්තු යවලා වගා විනාශ කරනවා කියලා දඬුලේනාව කන්න හදනවා. ඉස්සෙල්ලම රට කන අය ටික පන්නලා ඉන්න.
රටේ ප්‍රශ්න කප්පරක් තියෙද්දී දඬුලේනෙක් අල්ලගෙන නහින්න හදන්නේ. මට නම් හොඳටම ශුවර් ඕකත් මොකක්හරි සාස්තර කාරයෙකුගේ ගුණ්ඩුවක්...
අමරවීරගේ පින්තූරෙට වෙනස් කළා නම් වඩා හොඳයි..
ලක්ෂ ගණනක් මිනිසුන්ගේ කුස ගිණි ප්‍රශ්නය, අපේ දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්නය සහ එකී මෙකී නොකී සියලුම ප්‍රශ්නවලට විසඳුම නම් ඔය සියලුම දන්ඩන් අල්ලා සිංහරාජ වනයේ රූස්ස ගස් මුදුනට ගොස් බිමදමා මරන බව කියා සියලුම අලාබ ඉල්ලාගැනීමයි.
ඔක්කොටම කමිටු... හොරකම් හොයන්නත් කමිටු... අන්තිමට තව වියදම් පමණයි.
ලංකාවේ ජාතික සත්වයාට උචිත බූරුවයි, මීහරකයි. ඔවුන් දෙන්නා දෙපැත්තට දැම්මොත් වඩාත් උචිතයි.
..'දඬුලේනාට කූඩුවක්' නැතුව ඇති..
ඉස්සර ජාතික සත්වයා හැටියට හිටියේ වලිකුකුලා නේද? වලිකුකුළු මස් රහයි කියලත් අහලා තියෙනවා. කබරගොයි මස්, තලගොයි මස් කරගන්න රට පාලුවන්ට වලිකුකුලා දඬුලේනා කරගන්න එකත් කජ්ජක්ද?
කෘෂිකර්ම ඇමතිතුමෝ, මේ සියලු බඩගිනි ගැටලුවලට විසඳුම නම් ඔය දඬුලේනා පරම්පරාවම අල්ලලා සිංහරාජ වනයේ ගසක් උඩට ගොස් පහළට විසිකරනවා කියා බයකර කප්පම් වශයෙන් ඩොලර් මිටියක් ඉල්ලාගැනීමයි.
වගා හානි කරන නිසා දඩුලේනා ගැන සොයන්න කමිටුවක් පත්කලා වගේම, රටට හානි කරපු එවුන් ගැනත් සොයන්න කමිටුවක් පත් කල යුතුයි.
සර්, සිරිපාල ඇමතිතුමාට දාපු කමිටුවම පත්තළානම් සතාත් ගොඩ රිපෝට් එකත් ඉක්මන් .......
ඔව් එහෙනම් තියෙන ඔක්කොම අරගෙන එන්න සී.අයි.ඩී., පොලිසිය, හමුදාව... ඔය ඔක්කොම අරගෙන ඇවිත් අපිව හොයන්න. නුඹලාට මේ දවස්වල වෙන වැඩ රාජකාරිත් නැහැනේ... නේද?
මෙවෙලවෙ කරන්ඩ ඔන වැඩක්. රට අද මෙ තත්වෙට පතුනෙ දඬුලේනා හින්ද නෙවෙයි. නන්දසේන හින්ද
අපිට නම් ජාතික සත්ත්වයින් දෙන්නෙක්ම ඉන්නවා. මයිනා සහ කපුටා. ඔවුන්ගේ නෑයෙක් දැක්කත් දුටු තැන හූ කියලා එළවනවා. එතරම්ම ප්‍රියයි...
කමිටු දාලා නිකම් කාලේ නාස්ති කරන්නේ මොකටද? ජාතික සත්වයා හැටියට කපුටා හොඳ නැද්ද? කොයිතරම් ප්‍රසිද්ධ, ජනප්‍රිය පක්ෂියෙක් කියලාද?
මෙච්චර ප්‍රශ්න ගොඩක් රටේ තිබියදී කොහෙද යනු දඬු ලේනෙක්ගේ පස්සෙන් යන්න කාලය ගතකරන ගොඩක්ද මේ රටේ ඉන්නේ...? මොවුන් කොහෙන් හරි කොමිසමක් අටවාගෙන මහජන මුදල් නාස්තිකිරීම තමයි මහජන මුදල් අවභාවිතය කියන්නේ... ඔය කොමිසමේ ඉන්න අයව අලි වැටවල් පරීක්ෂා කරන්න පා ගමනින් යන්න නියම කරන්න ඕනේ....!
ඕස්ට්‍රේලියාවේ ජාතික සතා කැන්ගරුවා. කැන්ගරු මස් ඕනෙම ප්‍රධාන පෙළේ මස් විකුණන තැනක විකුනන්න තිබෙනවා. මම හිතන්නේ හේතුව අධික ලෙස බෝවීම නිසා වගා හානි සිදුවීම... අපි වගේ රටකට ඇති වෙන්න සල්ලි තිබෙන නිසාත් ඒවාට කරන්න දෙයක් දැන් නැති තරමට සියලු කටයුතු සිදුකර ඇති නිසාත් වැඩිපුර තිබෙන සල්ලි වියදම් කිරීමට කමිටු පත්කිරීම සහ කොමිසම් පත්කිරීම කළාට කමක් නෑ. එතකොට තමන්ට කඩේ ගිය අයට රස්සාවක් දෙන්න. අනියම් බිරිඳට හෝ නූගත් පවුලේ කිහිප දෙනෙකුට රියැදුරු, ලේකම් කා.කා.ස. වැනි තනතුරු ටිකක් දෙන්නට කමිටු කොමිසම් දානඑක කොච්චර හොඳයිද? දඬු ලේනා ගැන තීරණයක් ගන්නට හොඳ වාහන කිහිපයක් අලුතින් කාර්යාලයක් නිතර කොළඹ පැමිණීමට ගමන් වියදම් පමණක් නොව විදෙස් චාරිකා එහෙමත් යවන්න පුළුවන් නොවැ...
මේ වනවිට ලංකාවේ ජාතික සත්වයා වන දඬුලේනා වෙනුවට වෙනත් සත්වයෙක් තෝරාගැනිමකට යොමුව තිබේ. ඇමතිවරයා කියා සිටියේ දිවියාය. දිවියා වෙනුවට අලියා හෝ ඇතා ජාතික සත්ත්වයා ලෙස නම් කිරීම සුදුසුවේ. අතීතයේ රජදවස සිට අලි ඇතුන් මහජනත්වගේ එදිනෙදා කටයුතු කරගැනීම සදහාත් පුරාණ රජදවස සිට වර්තමානය දක්වා දළදා පෙරහැරේ දළදා වහන්සේ කරඬුව වැඩමවීම සිට වෙනත් පුජනීය ස්ථානයන්හි කරඬුව වැඩමවීම නිසාත් අලියා හෝ "ඇතා" ජාතික සත්වයා ලෙස නම් කිරීම සුදුසුවේ. මේ නිසා අලිවැට ඉක්මනින් ඉදිකිරිම සහ අලින්ට කරන හිරිහැර පවා නවතිනු ඇත
අමන දේශපාලුවන් රජ කරන රටක ජාතික සත්වයා ලෙස නම්කර අහිංසක සතුන්ට අපහාස නොකරන්න
ඔය කියන කමිටුවට දඬු ලේනෙකුත් ඇතුලත් වෙනවද?