
(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන විසුරුවා හැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.
ඒ කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදීය.
මෙම පා ගමන කොළඹ ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ කෙරිණි.
ඩීල් රනිල් - රාජපක්ෂ ජුන්ටාව පන්නමු, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරනු,ජනතා බලය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් උදෙසා සටන් වදිමු, තවත් ණය එපා-හොරා කාපු සල්ලි දියව්, බඩු මිල-බදු බර දරන්න බෑ ජීවත් වෙන්න සහන දියව්, වසර 03ක් අඩපණ කර ඇති පාසල්- සරසවි වහා විවෘත කරනු, මර්දනය නවතනු අත් අඩංගුවට ගත් සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු යන ඉල්ලීම් මුල්කරගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සියලුම ඉල්ලීම් සාධාරණයි.
මෙන්න අනාගත පරපුරේ කෙරුවාව, ඉතින් ණය නැතිව රට ඉදිරි කාලෙයෙදීවත් කරගෙන යන්න පුළුවන් වේවිද?
දැන් නම් මෙයාලගෙ පිහිටට කවුරුත් නැහැ. යටම පිංතූරෙ ඉන්න මලයාලම් ගුරු කවුද? රට හදන්න ඉන්නෙ මෙයාලද.
එදා අරගල කරුවන් නැත්නම් රට ඉවරයි .අරගලයට ජයවේවා
මේකෙ ඉන්නෙ නාකි සෙට් එකක්නෙ. කැම්පස් වල අවුරුදු 8, 9 රිපීට් වෙලා කටු හැලිච්ච රැවුල්ලු. අපේ මුදල් අවභාවිත කරන මේ අයද රට කරවන්න ඉල්ලන්නෙ ?
මේ දිස්වන්නේ ජනතාව අත්විඳින බලවත් පීඩනයයි