(ඩයනා උදයංගනී)
යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අය බව කියමින් අධිකරණමය ක්‍රියාමාර්ග මත පියවර ගත් රාජ්‍ය නිලධාරින් සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනකුට රුපියල් කෝටි ගණනක් වන්දි ගෙවීමට වත්මන් රජය සූදානම් වන බවත් රටේ ආර්ථික අර්බුදයක් ඇති මොහොතක එසේ කිරීම සම්බන්ධයෙන් තම නොසතුට පළ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අදාළ වන්දි ගෙවීමට නිර්දේශ වී ඇති නාමලේඛනය පරිශීලනය කිරීමේදී මෙය පැහැදිලි වන බවත්, ඒවා අධිකරණමය ක්‍රියාමාර්ග මත ගන්නා ලද තීරණ මිස හුදු දේශපාලන පළිගැනීම් ලෙස හුවා දැක්වීම සුදුසු නොවන බවත් හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
රටේ ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක තෝරාගත් විශේෂිත පිරිසක් වෙනුවෙන් රුපියල් කෝටි ගණනක වන්දි ගෙවීමට රජය කටයුතු කරන්නේ නම්, ඒ සඳහා තම විරෝධය සහ අසතුට රජයට ප්‍රකාශ කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ අවස්ථාවේ රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ ජනතාවත්, රටත් ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සියලු ශක්තිය යෙදවීම මිස ජනතාවගේ මුදල් මෙලෙස කාබාසිනියා කිරීම නොවේ යැයි හිටපු ජනපතිවරයා එහි සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද ඔක්කොම එකයි. පොටක් පෑදෙනකම් තමයි බලාගෙන ඉන්නෙ වල ඉහ ගන්න.
"....ජනතාවගේ මුදල් මෙලෙස කාබාසිනියා කිරීම නොවේ යැයි හිටපු ජනපතිවරයා එහි සඳහන් කර ඇත." එදා තමුන්නාන්සේ පිරිවර සමඟ රට රාජ්‍යවල රවුම් ගැසීමට වියදම් කර කාබාසිනියා කළ ජනතාවගේ මුදල් ප්‍රමාණය පළමුව හෙළි කර කරන්න.
ඇයි නොසතුට පල කරල නිකම් ඉන්නෙ? ඒක අහල වැඩෙ නවත්තන්නෙ නැහැ නෙ.. මුලු රටම නොසතුටින් තමයි ඉන්නෙ මෙ රනිල් පිස්සගෙ අමන වැඩ වලට..
කතාව නම් ඇත්ත. ඒ වුණාට ඔබතුමාට ඕක නවත්වන්න කිසිම බලයක් නැහැ.
තමුන් බලයේ හිටපු කාලේ කරපු හරියත් අපි දන්නවා. වන්දි ගෙවන්නේ අහවල් දේකටද? බලය තියෙන කොට දේශපාලුවන් කෙරුවේ පුළුවන් තරම් තමුන්ගේ මඩිය තරකර ගත්තු එකනේ...
දැන්නම් හොඳට පැහැදිලියි... රාජපක්ස කොන්තරාත්තුවක් අරගෙන වග...
මෙයා මේ මොනවද කියන්නේ...? මෙයා ඊයේ තමයි කිව්වේ මේ වෙලාවේ දේශපාලකයින්ගේ කළුසුදු බලන්න එපැයි කියලා. එදා 2015 ජනතාව වරම් දුන්නේ ඔයාට මිස රනිල්ට නොවේ. එදා ඔයා ජනවරම අනුව ජනතාව බලාපොරොත්තු වූ විදියට කටයුතු කළා නම්, ජනතාව අද ඔයාව ජාතියේ වීර පුරුෂයෙක් හැටියට ගෞරව කරාවි සහ රටට මේ ඉරණම වෙන්නත් නැහැ, කළු, සුදු බලන්නත් ඕනෑ නැහැ.
රනිල් බලය රැකගන්න තමන් කළ දේවල් පාවාදෙනවා. තමන්ගෙ කාලෙ නේ අසාධාරණයකට ලක්උනා කියල වන්දි ඉල්ලන්නෙ, එතකොට තමන්ට එරෙහිව තමන් කටයුතු කරන හෘදසාක්ෂියක් නැති මනුස්සයෙක්