(ඩයනා උදයංගනී)
ඉදිරි කාලයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් පැය 10ක පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ගල් අඟුරු ගොඩබෑම කළ හැක්කේ සීමා සහිත කාලයකදී පමණක් බැවින් මෙම මස අග සිට ලබන අප්‍රේල් දක්වා ගල් අඟුරු ටොන් විසිපන් ලක්ෂයක් බාගත යුතු බවත්, එසේ නොකළහොත් ඩීසල් බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කරවීමට සිදුවී වියදම් අධික විය හැකි බවත් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
මාස කිහිපයකට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයවත් ගෙන්වා ගත නොහැකි තත්වයක් පවතින මෙවන් අවස්ථාවක 2025 දක්වා අවශ්‍ය ගල් අඟුරු ගෙන්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඇතැයි කී මන්ත්‍රීවරයා එය සිදුවන්නේ කුමන ක්‍රියාවලියක් මතද යන්න ගැටලුවක් බව කීවේය. රටේ ආර්ථික තත්වයට හා ඩොලර් සංචිතවලට ඔරොත්තු නොදෙන ආකාරයට, ගල් අඟුරු ප්‍රසම්පාදන කළ නිසා දැන් අර්බුදයක් මතුවී ඇතැයි කී රණවක මහතා එය ඉදිරියටත් අවිධිමත් ආකාරයට කළහොත් ඉතා භයානක ප්‍රතිඵල අත්විය හැකි බව ද පැවසීය.
අතීතයේ රොකට් යවන බව කියමින්ලංකා විදුලිබල මණ්ඩලයට කෝටි 49 ක් වංචා කළ රාජකීය පුතුන් වර්තමානයේ තෙල්වලටත් අත තියා ගසා කනවාද යන සැකය මතුවී ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගල් අගුරු බලාගාරේ ගැනත් අක්‍රමිතා වෙච්ච කථා තියෙනවා නේද? ඒවා විසඳන්න කවුරුවත් නැද්ද?
ඒක නම් අපිත් දන්නවා. ගල් අඟුරු නැති වුණොත් කොහොමත් ගල් අඟුරු බලාගාර දුවන්න වෙන්නේ නැහැනේ.. මොකද තෙල්වලින් දුවන්නද? මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න. ළිඳ ළඟ ගැහැණු වගේ කියවන්නේ නැතුව...
මෙයාට මතක් වෙන්නේම ගල්අඟුරු... බිස්නස් එක දිගටම ගෙනියන්නයි කල්පනාව...
ලොකු දෙයක් කළා වගේ කතා කරන්නෙ. යල් පැනගිය ක්‍රමයක් ගෙනැල්ලා දැන් දඟළනවා. සූර්ය බලශක්තිය සෑම නිවසකින්ම නිර්මාණය කරගන්න, සුළං භාවිතා කරන්න මෙයාලට හිත නෑ. මොකද කොමිස් මදි
ඒවා කරන අය කරාවි ඔහේ කලබල නොවී ඉන්න... මොකද ගල් අඟුරු ගෙන්වීම බාර ගන්නද ලැහැස්තිය? කයිවාරුව නම් පැට්‍රල් රුපියල් 250කට දෙන්න පුළුවන් කියලා. මෙයා කාවද මේ ගොනාට අන්දන්නේ? සජබයින්ව වෙන්න ඇති...!