(දයාසීලි ලියනගේ)

විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට මහපොළ හා ශිෂ්‍යාධාර වශයෙන් ගිය වසරේදී රුපියල් මිලියන 2000ක් මුදලක් වැය කර ඇත.

ගිය වසරේ මහපොළ ශිෂ්‍යාධාර ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 62891ක් වී ඇති අතර ශිස්‍යාධාර ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 29491ක් වි ඇත.

වාර්ෂික ගෘහ ආදායම රුපියල් ලක්ෂ 5ක සීමාව යටතේ මහපොළ හා ශිෂ්‍යාධාර ලබාදීම සිදු වෙයි.

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 41755ක් විශ්ව විද්‍යාල ලියාපදිංචි වී සිටින අතර, රටේ පවතින වාතාවරණය යටතේ එම සිසුන් on - line ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය හදාරනු ලබයි.