ගෝඨා 'ග්‍රීන් කාඩ්' ඉල්ලයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා 'ග්‍රීන් කාඩ්' අයැදුම් කර ඇතැයි 'ඩේලි මිරර්' පුවත්පත අනාවරණය කරයි. ඇමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග්‍රීන්කාඩ් පහසුකම හරහා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ඇමෙරිකානු පුරුවැසිභාවය ඇති අයෙකු වීම නිසා එම පහසුකම ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයාට හැකි බවත් පැවසෙයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේවනවිට තායිලන්තයේ සිටින අතර ඔහු නොවැම්බර් මාසය දක්වා එහි රැඳී සිටීමට තීරණය කළද එම තීරණය අවලංගු කර අගෝස්තු 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවද එම එම පුවත්පත සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂෙඩ් එකක ජොබක් නම් මගේ යාලුවන්ට කියලා හොයා දෙන්න පුලුවන්.
ඇයි මේ අපේ හිටපු සෑර් එහෙටම යන්න හදන්නේ ? සෑර් ගේ භක්තිකයෝ ටික ඉන්නේ මෙහේනේ , අපිනම් කැමති සෑර් මේ අවුරදු 2න් ගොඩ දාපු රටේ අපිත් එක්ක මෙහෙටවෙලා මයියොක්ක ටිකක් තම්බගෙන කාල , QR කෝඩ් එකට තෙල් ටික ගහගෙන අස්ප ගානක් දීල ගෙදරට කුළුබඩු ටික අරගෙන අපි වගේම මෙහ්ටම වෙලා සතුටින් ඉන්නව නම්
ඔබතුමා ජීවිතේ ඉතිරි කාලය කැමැති විදිහට සිය පවුල සමග ඇමෙරිකාවේ සතුටින් ගෙවන්න. ඔබතුමාගේ උදාර බලාපොරොත්තු කිරීමට ඔබතුමාට නොහැකි වුණා. වැරැදි දූෂිතයින්ගේ බලපෑම සහ අවසාන කාලයේ ඔබතුමාගේ ලාමක ක්‍රියාකලාපය නිසා රට හැර පලා යෑමට සිදුවුණා...
කළකම් පලදේ.. යහපත් පිළිවෙළට රට පාලනය කළා නම් ඔය කරදර නෑ නේද? රට විනාශ කරන අනෙක් අයටත් පාඩමක්...
ඇත්තටම ගෝඨාභය ඉල්ලන් කෑවේ මහින්දගේ පරිප්පු. මහින්ද පරිප්පු කෑවේ වටේ හිටපු ජොන්ස්ටා, විමල්, ගම්මන්පිල, රත්තරං, මහින්දානන්ද වගේම දකුණේ හිටපු රාසපුත්ත වැනි දේශපාලකයින් නිසා. මහින්ද බොහෝම හොඳ කෙනෙක්... හරිම එඩිතර තීරණ ගත්තා. නමුත් අනවශ්‍ය දේ බොහෝමයක් කරලා රටේ සල්ලි අතිවිශාල වශයෙන් විනාශ කළා. එයට හොදම උදාහරණය තමයි, රන්මිණිතැන්න ඇතුලු හම්බන්තොට හදපු කොන්කීට් වනාන්තතර. කබ්රාල් මේ රට විනාශ කරපු අනිත් කෙනා. එයාට යුතුකමක් තියෙනවා, මහින්දට කියන්න සර් ඔහොම මුදල් නාස්ති කරන්න එපා කියලා. තවතව දේවල් කියන්න පුළුවනි. අපේ අම්බලන්ගොඩ දේශපාලන හැතිකරේ, ඒ කියන්නේ තක්කඩි රංචුව කරපු වැඩ වලිනුන් ලකුණු කැපුනේ මහින්දගේ. මට මතකයි පසුගිය ජනාධිපතිවරණයට ගෝඨාභය අම්බලන්ගොඩට එන දවසේ, මම අර කියපු හොර නඩේ රිලව් වගේ බස් ස්ටෑන්ඩ් එක වටේ ලයිට් කණු වල එල්ලිලා හිටියා. මේ ගැන කථා කරන කොට ඇත්තටම අප්පිරියයි.. මමත් ගෝඨාභයට ඡන්දෙ දුන්නා. හැබැයි මහා මැතිවරණයට දුන්නේ නැහැ. මොකද අම්බලන්ගොඩ හොරු පාර්ලිමේන්තුවට යවන්න තරම් මම නිවට නැති නිසා...!
බිත්තියේ ගහපු හොරුන් කන්න වෙලාද?
සාමාන්‍යය පුද්ගලයින්ට " ග්‍රීන්කාඩ් " ලබුනත් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ග්‍රීන්කාඩ් නොලබෙන බව තාම දන්නෙ නැහැ වගේ !
හොරකම් කරෙ නැත්නම් ඇයි බය ලංකාවට යන්න. රනිල් විශ්වාස නැද්ද?
කවුරුවත් " මහලොකු දේශ ප්‍රේමීයා" කියල කියනවා එහෙම නෙවේ ඔන්න...
ඩේලි මිරර් පත්‍රය හිටපු ජනපති ගොටභය පසු පස පන්නනේ කිසියම් අදෘශමාන න්‍යාය පත්‍රයකට අනුව ද? පසුගිය දා පල කළ එක් වාර්තාවකට අනුව කියා වුනේ "විදෙස් රටවල් සමග විශාල සබදතා රාශියක් ඇති රාජපක්ෂවරු" හිටපු ජනාධිපතිවරයාට කිසියම් රටකින් වීසා ලබා දීමට ක්‍රියා කරන බවයි. පුවත්පත කියන ලෙස ඔවුනට එවන් සබදතා ඇත්නම් ගෝටා මහතා මේ වනවිට තම මව් රටට පැමිණීමට නොහැකිව එක්තරා අන්දමක සරණාගත මට්ටමකට වැටී ඇත්තේ ඇයි? පුවත්පත විසින් ඔහුගේ සියලු ගමන් බිමන් ගැන ඕනෑවටත් වඩා විමිසිලිමත් වෙමින් වාර්තා කරන්නේ මෙරට සිටින හුදු ගෝටා විරෝධී වෛරක්කරුවන් සතුටු කිරීමට ද? එසේත් නැත්නම් ඔවුන්ගේ ඉලක්කය පහසු කරමින් ගඩාෆිගේ ඉරණම ගෝටා මහතාට අත්කර දීම ද?
සිංහල බෞද්ධ උරුමය රකිනවා කියලයි ආවේ. අන්තිමේදී නඩු අස්කරගන්න පිහිට උනෙත් පන බේරගන්න පිහිට උනෙත් මුස්ලිම් මිනිස්සු. කවුද එතකොට ලනුව ගිල්ලේ ?
අපායේ කාඩ් එක තමයි ලැබෙන්ඩ තියෙන්නෙ, 88/89 මාතලේ කොල්ලො කෙල්ලො අතුරු දහන් කලාට, යුද්දෙ කලේ අහින්සක මිනිස්සු අතුරු දහන් කලාට, එක්නැලිගොඩ, අතුරු දහන් කලාට, ලසන්තව ඝාතනය කෙරුවට, භාරත ලක්ශ්මන්ව ඝාතනය කෙරෙවුවට, තව ඒලියට ආපු නැති අපරාද කොච්චර වත් අති. අනේ එක හින්ද ඔයාට අපායෙ ගෝල්ඩ් කාඩ් එක යම රජ්ජුරැවො තැපෑලෙන් එවයි එදාට එහෙ යන්ඩ.
සවුබාග්‍යයේ දැක්ම පෙන්වන්ඩ ඇවිත් දැන් යන එන මන් නැතිවෙලා ? අනේ අනිච්චං ?
අනේ යන තැනකට තොළොංචි වෙලා යන්න... ලංකාවට නම් එන්න එපා. හොඳට තිබුණු රට කෑවා.
ලෝකයේ කොහේ හියත් සිංහලය කියන්නෙ කිසිම දෙයක් හරියාකාරව තේරුම් නොගෙන තමන්ගෙම ජාතිය කිසිම හිරිකිතයක් නැතිව අවතක්සේරු කරනව.
කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා.
බයියෙක් වීම මට නම් නම්බුය. මෙතැන ඉන්න සියලුම දෙනා කාටහරි රෙදි අපුල්ලනවා.
මුදලටයි. බලයටයි. කෑදර වෙලා. ඇමරිකාවෙ පුරවැසිකම නැති කරගත්තා. ලෝයර් කෙනෙක් කවදාවත් බැහැයි කියන්නෙ නැහැ. සල්ලි තියෙනවා දැනගත්තාම. කෙසේවෙතත්. ඩොලර්ස් 20, 000කට වැඩිය යනවා. මේ සල්ලි රටේ මුදල් හොරකම් කරපුවා. කිසිම ලෝභකමක් නැතිව හැමදෙම අත් හදාබලනවා. ගෝඨගෙ දැනුම බින්දුවයි. කවදාවත් ලැබෙන්නෙ නැහැ. අයියා මල්ලි. ගුරුකම් බලෙන්. ජිවිතයට මුහුණ දෙන්නෙ. සුමනදාසයි. ඥානඅක්කයි පොහොසත් වුනා. දෙන්නගෙ. රජ පුටු දෙක නැති වුනා. නැවත ලංකාවට එන්න් ඉඩතියන්න එපා. නැවත එකතුවෙලා රටින් එලවන්න ඔනා. ආව ගමන්. අත්අඩංගුවට ගන්න ඔන කෙනෙක් කොහොමද නැවත රට යන්න බලන් එන්නෙ. පුදුම රටක් මේකනම්. රටේ නිතියක් නැහැ. අවුරුදු ගනන් පරණ නිති පොතෙ වගන්ති වැඩකරන්නෙ. පොඩි මිනිහට විතරයි
ලංකාවෙ ඉන්නෙ කුමන්ත්‍රණ කාරයන්ගෙ විජාතිකයන්ගෙ ගැටලුවලට ලේසියෙන්ම අහුවෙන මිනිස්සු. රටක් ජාතියක් එහෙම උන්ට වටිනාකමක්නෑ. ඔබ එසේ යන එක රටට පාඩුවක් බව කෙදිනක හෝ ඔවුන්ට අවබෝධ වනු ඇත.
මේ වනවිටත් ක්‍රියාත්මක වන්නේ ඔහු විසින් යෙදූ වැඩ පිළිවෙලයි. අලුත් ජනාධිපතිවරයා මෙතෙක් කිසිඳු වැඩ පිළිවෙලක් ඉදිරිපත්කර නැත. අපට අමතක ඔහු නිමකළ නගර නිර්මාණ මංමාවත් සියල්ලටම පළමුව වසර 30ක බිහිසුණු යුද්ධය අපට අමතකව ගියහැටි. යුදහමුදා විනය රටේ අනෙකුත් දූෂිත රාජ්‍ය නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වීම ඔහුගේ අවසානයයි. කෙසේවෙතත් ඔහු අපට බිහිවූ විශිෂ්ඨ නායකයෙකි. අවසාන මිනිත්තුවේදීත් ජනතාවට එක් උණ්ඩයක් හෝ පාවිච්චි නොකරන ලෙස උපදෙස් දුන් අයුරු වර්තමාන පිනට පත්වූ නායකයා ක්‍රියා කරන පිළිවෙත හා ගලපන්න. ජනාධිපතිවරයා ලෙස පිටරට යෑමට රජයේ මුදල් වැය කිරීම ගැටළුවක් නොවේ. ගෝඨාභය විරුවාණෙනි, ඔබට ආයු බොහෝවේවා!.