(ඉන්දිකා  රාමනායක )

පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියගේ සහ ඇයගේ සොහොයුරා ගේ නාල්ල පොලිස් වසමේ  ලොලුවාගොඩ පිහිටි නිවෙස්වලට සහ වාහනවලට පහර දී විනාශ කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු ඊයේ (17) අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පසුගිය මැයි මස  09 දින  ගාලුමුවදොර  අරගල කරුවන්ට පහර දීමෙන්  පසුව ට පුරා සිදු වු  නොසන්සුන්තාවය අතරතුර මෙම   නිවෙස් වලට ද  පහර දී අලාභහානි  කර තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට එම ප්‍රදේශයේම පදිංචි (25)   හැවිරිදි තරුණයෙකි.

ඔහු  අද  (18)  අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.