(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ බඩ ඉරිගු වගා කරන ගොවීන්ට යුරියා පොහොර ලබා දීම සඳහා ඔන්ලයින් ලියාපදිංචි කිරීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
www.agrarian.lk වෙබ් අඩවිය ඔස්සේ ගොවීන්ට ඔන්ලයින් ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇත.
2022/23 මහ කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවි ජනතාවට යුරියා පොහොර ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ. යල කන්නයේ වී වගා කරන ලද ගොවීන්ට යුරියා පොහොර ලබා දුන් මිල වන කිලෝ ග්‍රෑම් 50ක යුරියා මිටියක් රුපියල් 10,000ක මිලට බඩඉරිඟු ගොවීන්ට ද ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර කිහිපයක් පුරා බඩඉරිගු ගොවින්ට තම වගා කටයුතු හා අස්වැන්න නිසි පරිදි නෙලා ගැනිමට නොහැකි විය. 2018 වසරේ සේනා දලඹු උවදුරට පසු බඩඉරිගු වගාව ක්‍රමිකව පහත වැටිනි. මේ හේතුවෙන් යම් සත්ව ආහාර හිගයක්ද ඇතිවිය.එමනිසා බඩඉරිගු වගාව නැවත නගා සිටුවීම පිණිස බඩ ඉරිගු ගොවින් පොහොර නියමිත ප්ර්රමාණයන් ලබාදීමට කටයුතු කිරීම අගය කල යුතුය. මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ලියා පදිංචි කිරිම ඉතා හොඳ ක්රියාමාර්ගයකි ඒ සදහා ප්ර්රාදේශිය ගොවිජන සේවා කෘෂිකර්ම හා ගොවිජන සංවිධානවල මැදිහත්වීම මෙම ක්රමයේ සාර්ථකත්වයට බෙහෙවින් උපකාරී වේ.
බඩඉරිඟු අක්කර 5ක වගාව සඳහා...!
අක්කර 5 බඩඉරිඟු වවන්නයි යන්නේ...
මම ගොවිතැන් කරන තැනට විදුලිය නෑ. එමනිසා මට විදුලිය හෝ සූර්යකෝෂ පැනල් භාවිතයෙන් ජලය ගන්නා මෝටරයක් වුවමනායි. හැකි නම් මට එය ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. එය ලබා දුන්නොත් මට යල කන්නේද වගාකළ හැකිබව කාරුණිකව දන්වා සිටිමි.