(යොහාන් භාසුර සහ සුජිත් හේවාජුලිගේ)
විදේශ සංචාර සඳහා වියදම් කරන්නේ සිය පෞද්ගලික මුදල් බවත් ඒ සඳහා රජයේ මුදල් වියදම් කරන බවට පළ වන පළ වන මාධ්‍ය වාර්තාව අසත්‍ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්න් සඳහන් කරයි.
වර්තමාන සහ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් වරප්‍රසාද හිමිවන බවට කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් වැරැදි ලෙස අර්ථකථනය කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් සඳහා රජයේ මුදල් වැය කරන බවට මාධ්‍ය වාර්තා පළ වන බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි සහ ඇවන්ගාර්ඩ්…..
බන්දුල ගුණවර්ධන කිව්වේ රජය තමයි වියදම් දරන්නේ කියල නේද?
අනේ යන්න බොරු නොකියා... රට සහමුලින්ම බංකොළොත් කරපු අයට පිටරට සැප විඳින්න සල්ලි දෙන්නේ රජයෙන්... මොවුන් ඒවා විදේශ අමාත්‍යංශයේ වෙන වැඩවලට තිබෙන සල්ලි වලින් ගෙවනවා. මොවුන්ට හෙන ගහන්න ඕනෑ කරන අපරාධවලට...
එයාට මොකටද රජයේ සල්ලි පහුගිය කාලෙ හොයාගත්ත එවා මදිද?
රජයේ කොහොම වුනත් රටේ මුදල් බවනම් පැහැදිලියි. මේ අයගේ අතීතය දන්නා අය ඔවුන්ගේ පරම්පරාගත වත්කම් ගැන හොඳින් දන්නවා. ඒ පෞද්ගලික මුදල් ආවේ කෙසේද කියා මේ බොහෝ ජනතාව දන්නවා. රටේ භාණ්ඩාගාරය නිකන්ම හිස් වී රට බංකොළොත් වුණේ නැහැ. හොරකම, වංචාව, දූෂණය ඉහවහා ගියා. ඒ නිසා රට බංකොළොත් වුණා. ඒවාට වගකිවයුතු තවත් සමහර දෙනා හොරකම්, වංචා, දූෂණ නොවූ බව හඟවන්න හදනවා. ඒත් සත්‍යය දන්නා අය දන්නවා...
ඒකට කමක් නෑ. හැබැයි ඔහෙටම වෙලා හිටියොත් තමයි ඇඟට ගුණ..!
අනේ මෙහෙමත් හෙන වදින බොරු. රටින් පනින කොට පෙට්ටි ගනන් අරන් ගියේ කාගේ සල්ලිද?
හමුදාවේ සහ ජනාධිපති තනතුරේ විශ්‍රාම වැටුප හැරුණාම මෙයා වෙනත් දේපළ හෝ ව්‍යාපාරික වැඩක් කරපු අයෙක් නෙවෙයි. එතකොට කොහොමද මේ තරම් වියදම් කරන්න සල්ලි. මෙන්න මෙතන තමයි ජාතික ධනයට වුණු දේ ගැන ප්‍රශ්නයක් තියෙන්නේ...!
රටින් හොර රහසේ පැනලා යන්නත් උදව් කරපු එකේ වියදම් නොකර ඉඳීවිද? මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ වලින් ගසාකාපු සල්ලිත් තියෙන්නේ? රටම බංකොළොත් කෙරුවා...
හිටපු ජනාධිපතිවරුන්ටත් රජයේ සේවකයන්ට මෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයට පහසුකම් සලසන්න. බංකොලොත් රටේ අනවශ්‍ය වියදම් දැන්වත් නතර කරන්න.