(යොහාන් භාසුර)
මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් ඉදිරිකිරීම සඳහා ඉන්දීය අදානි සමාගමට තාවකාලික අනුමැතිය ලබාදුන් බවත් එම ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ඉක්මවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (16) පැවසීය.
මන්නාරම විදුලි බලාගාරයෙන් මොගාවොට් 286 ක් සහ පුනරීන් බාගාතාරයෙන් මෙගාවොට් 234 ක් ද, ජනනය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ලංවිම සහ තිරසර සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ අද (16) පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාප බලාගාරද සුලං බලාගාරද හදන්නේ? මාතෘකාව එකක් පුවතේ වෙන එකක්.
තාවකාලික අනුමැතිය යන්නෙන් අදහස් වෙන්නේ මොකක්ද? හදන ඒවාත් තාවකාලිකව හදලා යයි.
හුලංවලින් කරන්ට් ගන්න පුළුවන් වෙලාවෙ කිසිම ට්‍රයි එකක් දුන්නෙ නෑ. දැන් විදේසිකයෙක් හෝ ඒක කරනවා. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ඉංජිනේරුවො අනිවාර්යයෙන් ස්ට්‍රයික් කරාවි. එයාලට ඕන ඩීසල් බලාගාර විතරයි.
හුලංවලින් තාප බලාගාර හදන්න?
සුලං කියන දේ අවුරුද්දේ හැමදාම එක විදියට හම්බ වෙන්නේ නෑ. සූර්යා එහෙම නෙවේ ප්‍රදේශයක් තෝර ගත්තොත් දවස් 365 ම ඉර එලිය තියෙනවා. ලංකාවේ ඉංජිනේරුවෝ කැමති නැත්නම් කරන්න තියෙන්නේ වෙන පද්දතියක් හදන එක. අමාරු වැඩක් තමයි ඒත් තව අවුරුදු 5-6 යද්දී තවත් පද්දතියක් තියෙනවා ප්‍රධාන පද්දතියෙන් වෙන් උන. එතකොට ඉංජිනේරුවන්ගෙවත් වෘත්තීය සමිතිවලවත් ආඩම්බර බලන්නේ නැතුව පැය 24ම සූරුය සහා සුලං බලයෙන් විදුලිය දෙන්න පුලුවන්.
තාප විදුලි බලාගාරයක් කියලා හෙඩින් එක. යටින් සුලං විදුලි පුනර්ජනනීය බලශක්තිය ලු. මට පිස්සු වගේ මේ නිවුස් කියවලා
තාවකාලික අනුමැතිය කියන්නේ මොකක්ද? පස්සේ ඒක ගලවන් යනවද?
මේ කාලකන්නි රටත් කාලා රටේ තියෙන සම්පත් ටිකත් විකුණලා තමයි යන්න යන්නේ.
මෙවැනි ආයෝජන වලට තවකාලික නොව, ස්ථිර අනුමැතිය දිය යුතුයි.
සාම්පූර් විදුලිබලාගාරය හදන්න දුන්නා නම් අද අපි මේ තත්වයට වැටෙන්නේ නැත. පල්ලියක් රැකගන්න ගොස් අපිට රටම බිලිදෙන්න වුණා. ඒ වැරැද්ද නැවත නොකර අදානි නොවෙයි මොන යකාගෙන් හෝ වැඩේ කරගමු. යකා කියන තරම් කළු නැහැ.