සිඟිති බාලදක්ෂිකාවෝ විහාරමහාදේවියට රොක් වෙති ශ්‍රී ලාංකීය බාල දක්ෂ ඉතිහාසයේ ඓතිහාසික සලකුණක් සනිටුහන් කරමින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 - 7 අතර සිඟිති බාලදක්ෂ දක්ෂිකාවන්ගේ පළමු වන ජාතික කිඩෝරිය කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී අති උත්කර්ශවත් අයුරින් අද පැවැත්විණි 26 November 2022
මාස නවයට පොලිස් කොමිසමට පැමිණිලි දාහස පනී ස්වාධීන පොලිස් කොමිසමට මේ වසරේ මුල් මාස 9ට පැමිණිලි 1100 ක් ලැබී ඇති බව වාර්තා වේ. 26 November 2022
කොටුගොඩ මුදලාලි ඝාතනයට දෙකක් සැකපිට කොටුගොඩ, නැදගමුව ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ඝාතනය කළ බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 26 November 2022
රන්වලට තහංචියක් අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැලැඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේය. 26 November 2022
සාමයේ පරවියා රැගෙන චීන ජනපති, කිම් ජොන් හමු වෙයි චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා තිබේ. චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ උතුරු කොරියාවේ පියොංයැං අගනුවර සංචාරය කරමින් නායක කිම් ජොන් උන් හමුවෙමිනි. 26 November 2022
සඳ මතුපිට ජනාවාස පිහිටුවන්න චීනය සූදානම් තව වසර 6 ක් යද්දී, සඳට ගගනගාමීන් යැවීමටත්, සඳ මතුපිට ජනාවාස පිහිටුවීමටත් චීනය සූදානම් බව චීන අභ්‍යවකාශ ආයතනයයේ චන්ද්‍ර මෙහෙයුම් ප්‍රධානී වූ වෙයිරැන් මාධ්‍ය හමුවේ පවසා ඇත. 26 November 2022
නාසා චන්ද්‍ර යානය සඳුගේ කක්ෂයට පිවිසෙයි ඇමෙරිකා නාසා ආයතනය සඳ වෙත යැවූ ඔරියන් නමැති චන්ද්‍ර යානය (කැප්සියුලය) සැලැසුම් කළ පරිදි ඉතා සාර්ථකව සඳුගේ කක්ෂයට පිවිස ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 26 November 2022
මුහුණු පොතේ අපහාස ගැන අධ්‍යාපන ඇමැති කම්පාවෙයි මුහුණු පොත හරහා ගුරුවරියන්ට කියන අසභ්‍ය දේවල් ගැන තමා කම්පා වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 26 November 2022
රෝහිණි කියන ආණ්ඩුවේ කුපාඩි මිනිහා කවුද? ගුරුවරියන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ කුපාඩි මිනිහකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය. 26 November 2022
බංගලාදේශ අගමැතිනී සහ අලි සබ්රි අතර හමුවක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවක් ඊයේ(25) පැවැත්වුන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 26 November 2022
ගැමුණු සුව වී ’’ගෙදර’’ යයි බඳින තුවක්කුවක වෙඩිල්ලක් වැදී පාදයකට වූ තුවාල නිසා වනජීවී නිලධාරින් හා වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබමින් සිටි යාල වනෝද්‍යානයේ විසේකාරයා ලෙස හඳුන්වන ගැමුණු හස්තියා සුව අතට හැරී උන් තැනින් නැගිට වනයට ගොස් ඇතැයි වන ජීවී අමාත්‍යාංශය පවසයි. 26 November 2022
බදු පනත් දෙක ගැන විවාදය දෙසැම්බර් 9 එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදය ලබන මස 09වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළේය. 26 November 2022
’’දැන් ඉන්නේ ඇඩ්ඩ්‍රස් නැතුව ඡන්ද පැරදුන හිට්ලර්’’ ඡන්දෙන් දිනපු හිට්ලර්ට අන්තිමේදී පිටරටට පැන ගොස් එහි සිට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සිදුවුණු බවත් දැන් සිටින්නේ ඡන්දයෙන් ඇඩ්රස් නැතුව පැරදුණු හිට්ලර් බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 26 November 2022
රට විරුවෝ බර කරට ගනිති විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 26 November 2022
මහජන නියෝජිතයන් රටට මෙච්චර ඕන නැහැ මහජන නියෝජිතයන් රටට මෙපමණඅවශ්ය දැයි සාකච්ඡාවක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 26 November 2022
මාර්ග කොන්ත්‍රාත්කරුවන් 400කගේ ’’හිඟ පොල්ල’’ කෝටි 7,000ට නගී මාර්ග ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධවූ කොන්ත්‍රාත්කරුවන් හාර සීයකට ආසන්න පිරිසකට මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 7000 ක මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ. 26 November 2022
බේරේ බෝට්ටුවට වැය කළ මුදලුත් බේරේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ බේරේ වැවේ ක්‍රියාත්මක කළ බෝට්ටු සේවාවෙන් 2019 වර්ෂයේදී පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 26 November 2022
සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට සිදුවුණේ කුමක් දැයි සොයන්න පරීක්ෂණයක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2015 - 2019 අතර කාලයේදී රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව ) තොරතුරු අනාවරණය විය. 26 November 2022
පළාත් කීපයකට සුළු වැසි තත්ත්වයක් ඌව පළාතේත්, හම්බන්තොට, අම්පාර සහ යාපනය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (26) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 November 2022
දුම්රියක් අදත් උදේම පිළි පනී කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර, කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය එන්ජිමක් පීලි පැනීම නිසා ඇති වී ඇති මාර්ග අවහිරතාවයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත. 26 November 2022
රට විරුවාගේ මුදල්වලට විදලා කටාර් රාජ්‍යයේ සේවය කළ කාන්තාවක මෙරට රාජ්‍ය බැංකුවට එවන ලද රුපියල් 852,500 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවක කළමණාකරුවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්බ කළ බව මතුගම පොලිසිය පවසයි . 26 November 2022
ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මිට ඒ 9ක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන විශ්මි ගුණරත්න (17) මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9 ක් සහිතව සමත් වී ඇත. 25 November 2022
බන්ධනාගාරයේදී ප්‍රියමාලිගෙන් ප්‍රකාශයක් ගන්න අවසර මහා පරිමාණ මුදල් වංචාවකට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මේ මස 30 වැනිදා දක්වා අවසර දුන් බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය. 25 November 2022
‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවේ කපිතාන් ඇතුළු 08කට ඇප කොළඹ වරායට ආසනන්යේදී ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්න්ධයෙන් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු 08 දෙනෙකුට අධිචෝදනා බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විත්තිකරුවන් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට ඊයේ (25) නියම කළේය. 25 November 2022
ව්‍යවස්ථානුකූලව හැකි වූ විගස පාර්ලිමේන්තුව විසුරුවන්න ව්‍යවස්ථානුකූලව හැකි වූ විගස ලබන වසරේ මුල් භාගයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරන බව ලංකා සභාවේ කොළඹ දියෝකිසිය පවසයි. 25 November 2022
ජොන්ස්ටන්ගේ සතොස නඩුවට දින දෙයි වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන දෙසැම්බර් මස 09 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිතය පටබැදිගේ මහතා අද (25) තීරණය කළේය. 25 November 2022
ස්ටිකරය නිසා සුරා බදු ආදායම සියයට 20 කින් වැඩිවෙලා මධ්‍යසාර බෝතල් මත ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමට ගත් තීරණය ඉතා වැදගත් යෝජනාවක් බවත් ඒ හේතුවෙන් මෙම වසරේ ගෙවී ගිය මාස 10 ක කාලය තුළ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සුරා බදු ආදායම සියයට 20 කින් වර්ධනය වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර ඇත. 25 November 2022
අයි.ඕ.සී ලාබ ලබා සිපෙට්කෝ පාඩු ලබන්නත් හේතුව විජිත කියයි පෙට්ට්‍රෝලියම් එකේ ඩිරෙක්ට බෝඩ් එකේ පෝමන්වරුත් ඉන්න බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 November 2022
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල අද (25) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 25 November 2022
විජයදාසගේ පැමිණිලි ගැන විමර්ශනයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ 2018 වසරේ දී සිදුවූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ පැමිණීලි 04ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. 25 November 2022
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026