(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පරිභෝජනයට නුසුදුසු හාල් මෙට්‍රික් ටොන් 1080 ක ප්‍රමාණයක් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ ගබඩාවක තිබියදී සොයාගැනීමට හැකි වූ බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන මෙම සහල් තොගයේ කල් ඉකුත්වන දිනය 2022 දෙසැම්බර් මස ලෙස සටහන් කර ඇත.
එම හාල් තොගේ ගුල්ලෝ සහ පනුවෝ දක්නට ලැබෙන බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා පැවසීය.
ගබඩාවට මුද්‍රා තබා ගබඩාව ම ආවරණය වන පරිදි සහල් සාම්පල අධිකරණ නියෝග මත ලබාගෙන රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.
.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගොතටුවේ සහල් ගබඩාවකට සීල්