මන්ත්‍රී සුජිත්ට සභාපති ධුරයක් සමස්ථ ලංකා සමගි කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පත්කර තිබේ. 28 November 2022
භූ විද්‍යා ලොක්කන්ට එරෙහිව පාරට මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත්තරමුල්ල සොබාදම් පියස ඉදිරිපිටදී අද (28) පිරිසක් විරෝධතාවයක නිරත විය. 28 November 2022
ගුරු සිසුන්ට පහර දුන් සිමාවාසික ගුරුවරුන් හයක් රිමාන්ඩ් අක්මිමණ රුහුණු ජාතික අධ්‍යාපන පිඨයේ පුහුණුව ලබන ගුරු සිසුන් පරිසකට පහරදි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිමාවාසික ගුරු සිසුන් හත් දෙනාගෙන් හය දෙනකු හෙට දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. 28 November 2022
ඩයනා ගැන හොයන්නැයි චාල්ස් රජුගෙන් ඉල්ලයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා මෙරට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු වෙත ලිපියක් යොමු කර ඇත. 28 November 2022
සැප බසයක් ගිනි රකුසාට බිලි මිනුවන්ගොඩ නගර මධ්‍යයේ ප්‍රධාන බැංකුවක් පිටුපස නවතා තිබූ අති සුඛෝපබෝගී බස් රථයක් අද දහවල් ගිනිගෙන විනාශ වී තිබේ. 28 November 2022
කෘෂිකාර්මික වැඩවලටත් හෙට සිට භූමිතෙල් ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වලට ඉදිරි දින තුන ඇතුළත භුමිතෙල් නිකුත් කිරීම හෙට (29) සිට ආරම්භ කරන බව ජනාධිපති අධ්යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් මහතා පැවසීය. 28 November 2022
ලබන වසරේත් කළුවරේ ඉන්න වෙයි ද? ප්‍රමාණවත් තරම් ගල්අඟුරු තොග නොලැබුණහොත් ලංකා ඉතිහාසයේ විශාලතම විදුලිය කප්පාදුවට ලබන වසරේදී මුහුණදීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. 28 November 2022
ගුවන් ගත වූ යානය විනාඩි පහෙන් යළි බස්සයි කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා අද (28) පස්වරුවේ පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05 ක කාළයකට පසුව යානයේ කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය. 28 November 2022
චීන රජයේ ’කොවිඩ්’ නීතිවලට ජනතාවගෙන් විරෝධතා චීන රජයේ දරදඬු ’කොවිඩ්’ නීතිරීති එසේත් නැතිනම් සෞඛ්‍ය සීමාවලට එරෙහිව එරට නගර රැසක විරෝධතා ආරම්භ වී ඇත. 28 November 2022
පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් කපා කොටා මරලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි. 28 November 2022
ඩයනාගෙන් සජිත්ට ඉල්ලීමක් රටට නැවත සංචාරකයන් එන්නට පටන් ගන්නා මොහොතේ කොළඹ සිට මහනුවරට නැවත උද්ඝෝෂණ පෙළපාළි පැවැත්වීමෙන් වළකින්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 28 November 2022
ආණ්ඩුවේ ඡන්ද ගාන කිරිඇල්ල ටක්කෙට කියයි ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පැත්තෙන් පාර්ලිමේන්තුවට එන්නේ මන්ත්‍රීවරු 25 ක් පමණක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 November 2022
මෙරට පක්ෂි විශේෂ 81ක් වඳවීමේ තර්ජනයක් මෙරට පක්ෂි විශේෂ 244 ක් අතුරින් 81ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය පවසයි. 28 November 2022
ඕමානයේ හිටපු තෙවන නිලධාරීයට පනින්න බැරි කරයි සංචාරක වීසා මගින් මෙරට කතුන් ඕමානයට රැගෙන ගොස් අතරමංව සිටියදී ලිංගික හිරිහැර කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩතහනමට වූ කුෂාන්ට එරෙහිව ජාත්යානතර පොලීසිය හරහා රතු නිවේදනයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාමල ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 28 November 2022
කෝටි 180ක සාර්ක් ගොඩනැගිල්ල අතහැර දාලා විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් කෝටි 180 ක වියදමින් ඉදිකළ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය අතරමග නවතා දමා ඇතැයිද එය විශාල අපරාධයක් බවද සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 November 2022
පාසල් සිසුන්ට දෙන්න ගෙනා මත්පෙති සමඟ අයෙක් මාට්ටු පාසල් සිසුන් ඉලක්ක කරගෙන වව්නියාව ප්‍රදේශයේ මත්පෙති අලෙවි කරමින් සිටි සැකකරුවෙක් පෙති 539ක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 28 November 2022
විදුලි කුළුණේ පැටලුන ගුවන් කුරුල්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ අධිබලැති විදුලි රැහැන් කුළුණක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ (27) පාරිභෝගිකයන් 117000 කට විදුලිය විසන්ධි වූ බව මේරිලන්ඩ් ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ. 28 November 2022
අගමැතිගේ පුතාත් කෝච්චියේ යනවාලු ’’වෙලාව ලැබෙන විදිහට මමත් කෝච්චියේ යනවා’’යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 28 November 2022
ඒ.ටී.එම් කාඩ් උස්සා මුදල් සොරාගත් අයෙක් මාට්ටු බංකු ඒ ටී එම් යන්ත්‍ර අසල සිට පුද්ගලයන් සතු බැංකු කාඩ් වංචනික ලෙස ලබාගෙන ඒවායෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත් සැකකරුවෙක් දොම්පේ ප්‍රදේශයේ දී බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 28 November 2022
රටගිය අයගෙන් වැඩ ගන්න වැඩක් අරඹයි විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ ලාංකික සම්භවයක් සහිත විදේශ පුරවැසියන්ගේ උදව් රටට ලබා ගැනීම සඳහා සුවිශේෂී කාර්යාලයක් ලංකාවේ පිහිටුවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 28 November 2022
අවුරුද්දකදී ජීවිත තුන් දාහක් මගමරුවාට බිලි රිය අනතුරුවලින් වසරකදී මේ රටේ ජීවිත තුන් දහසක් පමණ අහිමි වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 November 2022
ආර්ථික අපරාධ කිරීම පූල් එකේ නානවාට වඩා බරපතලයි රටේ දේශපාලකයන් ආර්ථික අපරාධ කර ඇතැයි ජාත්‍යන්තරය විසින් නිගමනය කිරීම අරගලයේ තරුණ තරුණියන් ජනාධිපතිගේ පූල් එකට පැන නානවාට වඩා බරපතළ සිද්ධියක් බව දේශපාලකයන් අවබෝධ කරගත යුතු බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 28 November 2022
මහව යාපනය දුම්රිය ධාවනය ජනවාරි 15 සිට නවතී දුම්රිය මාර්ගය අබලන් තත්වයට පත්ව ඇති හෙයින් එය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (28) පැවසීය. 28 November 2022
හිතවත් බස් හිමියන්ට තාවකාලික ධාවන බලපත්‍ර 100ක් දීලා ජාතික ගමනාගමන කොමිසමේ ප්‍රධානියකුගේ මැදිහත්වීමෙන් දුර ගමන් සේවා තාවකාලික බස් රථ බලපත්‍ර 100 කට අධික සංඛ්‍යාවක් නිකුත්කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වාර්තා වේ. 28 November 2022
ලංකාව මාධ්‍ය නිදහසින් පල්ලම් බසී ලංකාව ජනමාධ්‍ය නිදහස අතින් වසරක් ඇතුළත රටවල් 19කින් පල්ලම් බැස ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 November 2022
අමාත්‍ය ඩයනාට නොතීසි බ්‍රිතාන්‍ය පුරවැසි භාවය දැරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය. 28 November 2022
ලොව හොඳම ඡායාරූප අතරට ගෝඨාගේ කාර්යාලයත් ටයිම්ස් සඟරාව මගින් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට ඉකුත් ජූලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපයද එක් කොට තිබේ. 28 November 2022
සංඝයාට අවමන් කළාට සජිත්ගේ අප්‍රසාදය පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. 28 November 2022
බැසිල් කටුනායක පහසුකම්වලට ඩොලර් ගෙව්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුගිය 20 වෙනිදා අනීතික හෝ අසම්මත කිසිවක් සිදුනොවූ බවත් ඒ සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරයන් සත්‍යයෙන් තොර බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 28 November 2022
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026