බේස්ලයින් පාරේ දුම්රිය ගමන් යළි බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර ඊයේ (29) රාත්‍රී කැඞී ගිය දුම්රිය පීල්ල යථා තත්ත්වයට පත්කර ඇති බවත් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාවක් නොමැති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 November 2022
ඉන්දීය රුපියල මෙහෙටත්? ශ්‍රී ලාංකිකයනට ඇමෙරිකානු ඩොලර් 10000 ක අගයකට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් භෞතික වශයෙන් ළඟ තබා ගැනීමට ඉන්දීය රජය අවසර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 29 November 2022
අපේක්ෂාව භංග කළ අපේක්ෂා රෝහලේ සේවකයා මහරගම අපේක්ෂා රෝහලේ සේවකයකු එම රෝහල ආසන්නයේදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. 29 November 2022
දිඹුලාගල ආරන්‍යයට යළි විදුලිය දෙයි ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අද සවස යළි විදුලිය සැපයූ බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ. 29 November 2022
දිවි නසා ගන්න ගිහින් දිවි එපා කියා දුවයි මරදාන සිටි බෙලිඅත්ත බලා ධානවයවු ගාලු කුමාරි දුම්රියට පැන අද සවස දිවි නසා ගැනිමට පැමිණි පුද්ගලයකු දුම්රිය මාර්ගයේ දිගාවි සිට දුම්රිය නතර කළ පසු මැදිරි අතරින් රිංගාපලා පලාගොස් ඇත. 29 November 2022
හෙටත් පැය දෙකයි විනාඩි 20 ක් විදුලි කපයි පැය දෙකයි විනාඩි 20 ක් හෙට (30) විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (29) පස්වරුවේ පැවසීය. 29 November 2022
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත්වෙයි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් චන්න වීරසුරිය මහතා අද (29) පත්කර ඇත. 29 November 2022
බේස්ලයින් - නාරාහේන්පිට අතර පීල්ලක් කැඩෙයි බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය පීල්ලක් කැඩීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 November 2022
අමරවීරගෙන් මෛත්‍රීට සැර ලිපියක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සීරිසේන මහතා විසින් හෙට (30) පස්වරුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීම පැවැත්වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියකින් දන්වා තිබේ. 29 November 2022
ටෙන්ඩරයට අනුමැතිය දෙන්න ඇමති දියණියගෙන් කප්පම් ඉල්ලලා ඔක්සිජන් ජනන යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ඇමති දියණියකගෙන් කප්පම් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. 29 November 2022
ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය සියයට දහයක් වත් නෑ වර්තමාන ආණ්ඩුවට මැතිවරණවලට මුහුණ දීමට නොහැති තත්වයක් ඇති වී තිබෙන නිසා මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කළ පෞද්ගලික පනතක් යොදාගනිමින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ උත්සහයක් ඇති බවත් නිසිපරිදි නිසිකාලයට ඡන්ද පැවැත්වීමට රජයට නියෝග කරන ලෙස ආයාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (29) පැවසීය. 29 November 2022
නියාමකයන්ගේ වර්ජනයෙන් දුම්රිය රැසක් ප්‍රමාද වෙයි දුම්රිය මැදිරියක වායුසමීකරණ පද්ධතියේ දෝෂයක් සම්බන්ධ ගැටලුවක් මූලික කරගෙන දුම්රිය නියාමකයන් අද (29) දහවල් ක්‍රියාත්මක කළ වර්ජනයක් හේතුවෙන් දුම්රිය රැසක් පස්වරුවේ ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 November 2022
ඖෂධ ගේන්න දුන් මුදල්වලට වෙච්ච දේ පාඨලී හෙළි කරයි ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඖෂධ ගෙන්වීම සඳහා ලබාදුන් මුදල් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිසියාකාරව පාවිච්චි කර නැති බව කෝප් කමිටුවේදී පැහැදිලිවම තොරතුරු හෙළි වූ බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2022
සාපෙළ ඉහළින් සමත් සිසුවාට ගිනි තැබූ මැරයාට වැඩ වරදී අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වු මහනුවර අම්පිටිය මීකණුව සිසුවකුට සිරුරට භූමිතෙල් වත්කර දැල් වු පන්දමක් විසිකර ගිනි තැබූ බව කියන සැකකරු අම්පිටිය දඹවෙල ප්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 29 November 2022
බස් රථයේ වේගය වැඩි නම් පැමිණිළි කරන්න අංකයක් මගී ජනතාවගේ ජීවිත අවධානමට ලක්කරමින් අධි වේගයෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන බස් රථ පිළිබඳව දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිසමට ජනතාවගෙන් ඉල්ලා සිටියි. 29 November 2022
එජාපෙට ’’වැඩ කරන’’ අලි ගනියි එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අනිද්දා (01) සිට ආරම්භ කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 29 November 2022
ඕමාන තානාපති කාර්යාලයේ හිටපු තෙවන නිලධාරියා රිමාන්ඩ් ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි තුන්වන නිලධාරියාව සිටි එදිරචාරිගෙ කුෂාන් ලබන 13දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය . 29 November 2022
බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම ගැන පාර්ලිමේන්තුවේ දී එකතු වී සාකච්ඡා කොට යම් පිළිතුරක් සෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 29 November 2022
පුරාවිද්‍යා ස්ථාන රකින ආයතනවල අයට දිරිදීමනාවක් පුරාවිද්‍යාත්මක ස්ථාන රැකගැනීමට දායක වන ආයතනවල කාර්ය මණ්ඩල දිරිගැන්වීම සඳහා පුරාවස්තු තෑගි අරමුදලින් දිරිදීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 29 November 2022
මහනුවර පිළිකා රෝහලේ ඒ.සී ප්රශ්නය තවම විසඳිලා නැහැ මහනුවර පිළිකා රෝහලේ වායු සමීකරණ යන්ත්‍රවල ප්රශ්නය තවම විසඳී නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2022
බෝට්ටුවෙන් ලෙබනනය හරහා ඉතාලියට යවන ජාවාරමක් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයට තොරතුරු ලැබී ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. 29 November 2022
ජනපති සජිත්ට ධර්මයෙන් පිළිතුරු දෙයි දෙසැටක් මිත්‍යා දෘෂ්ටිය ඇති,අසත්පුරුෂ ධර්මය අනුව ක්‍රියාකිරීම පිරිහීමේ දොරටුවක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පරාභව සූත්‍රය ඇසුරින් පාර්ලිමේන්තුවේ දී පිළිතුරක් ලබා දෙමින් පැවසීය. 29 November 2022
සංචාරක කර්මාන්තයේ විශාල පිබිදීමක් ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වතාවට මසක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50000 සීමාව පසුකර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය. 29 November 2022
ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය දුෂිතයි ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය අන්ත දූෂිත බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2022
සම්බාහනයට කියා ගෙන්වාගෙන සේසතම කොල්ල කාලා ජංගම ශරීර සම්බාහන සේවාව සිදුකරන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පලකර කළුතර වෙරළට ගෙන්වා තරුණයකුට පහරදී යතුරු පැදියක්, ජංගම දුරකථනයක් සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . 29 November 2022
කුරුණෑගල නගරධිපතිගේ රිට් පෙත්සම විසි කරයි කුරුණෑගල මහ නගර සභාවේ දූෂණ වංචා සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත් කරන ලද පරීක්ෂණ කොමිසම තහනම් කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා අද තීරණය කළේය. 29 November 2022
තමිල්නාඩු ධීවරයන් බේරා දෙන්නැයි ඉන්දීය විදේශ අමාත්යට ලිපියක් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති තමිල්නාඩු ධීවරයන් සහ ධීවර යාත්‍රා නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාට ලිපියක් යොමුකරමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා ඉල්ලීමක් කර ඇත. 29 November 2022
ඉදිකිරීම් ක්ෂේත්රයට ජාතික ප්‍රතිපත්තියක් ගේනවා ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ගේ හිඟ මුදල් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන ආකාරය අනුව ක්‍රමානුකූලව ගෙවීම් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2022
ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට කෝටි ගණනක පොල්ලක් රජයේ ව්‍යාපෘතිවලට සම්බන්ධවූ ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට රුපියල් කෝටි දහ නව දහස් පන්සියයක් මෙතෙක් ගෙවා නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2022
විදේශ රැකියා ආයතන 13ක බලපත්‍ර අත්හිටුවයි විදේශ රැකියා නියෝජිත ආයතන 13 කට හිමිව තිබූ පුද්ගලයන් විදේශගත කිරීමේ බලපත්‍ර වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 29 November 2022
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026