
(විමුක්ති එස් රුද්‍රිගු)
තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා වියදම බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් කෝටි 10 ක් පමණ බවත් එම මුදල ගෙවනු ලබන්නේ බ්‍රිතාන්‍ය රජය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.එයට හේතුව සියලු රාජ්‍ය උත්සව සඳහා වියදම දරන්නේ රජය වන අතර රාජාභිෂේක උත්සවයද රාජ්‍ය උත්සවයක් වීමයි.
බ්‍රිතාන්‍ය ජනතාව ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් දුෂ්කර කාලයක් ගෙවමින් සිටින බවත් එවැනි අවස්ථාවකදී බ්‍රිතාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් පවුම් කෝටි 10 ක් චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජය වියදම් කිරීමට සුදානම් වීම පිළිබඳ විවේචන රාශියක් එල්ල වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
මේ පිළිබඳ පැවති මත විමසුමකදී එයට සහභාගී වු බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට බ්‍රිතාන්‍ය රජය වියදම් කිරීම අනුමත නොකරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
එසේම රාජාභිෂේක උත්සවය පවත්වන මැයි 6 වැනිදා බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් එක් බැංකු නිවාඩු දිනයකින් බ්‍රිතාන්‍යයට පවුම් බිලියන 2.3 ක පාඩුවක් සිදුවන බව ආර්ථික හා ව්‍යාපාර පර්යේෂණ මධ්‍යස්ථානය සිදුකළ පර්යේෂණයකින් හෙළි වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
රාජාභිෂේක උත්සවයේ දී කැමිලා බිසව මතභේදයට තුඩු දුන් කොහිනූර් දියමන්තිය නොපළඳින බවත් රාජාභිෂේකය නරඹන ජනතාවට තෙවැනි චාල්ස් රජතුමාට සහ ඔටුන්නේ උරුමකරුවන්ට පක්ෂපාතිත්වය ප්‍රකාශ කිරීමට සංවිධායකවරුන් ආරාධනා කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
රාජාභිෂේක දිනයේදී රාජාණ්ඩු ක්‍රමයකට අකමැති ජනතාව බ්‍රිතාන්‍ය පුරා විරෝධතා සංවිධානය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගාන වැරැදි ඇති... තව වියදම් යනවා සිකුරුයි. මැයි හත්වෙනිදාට අනුර කුමාර මහත්තයා හරියටම ගාන හදලා කියයි...
කෝටි 10 ක් ?කවුද ඕයි මේ බොරු කියන්නේ ?මොන විදෙස් මාධ්‍ය ද මේවා කියන්නේ .ඉංග්ලිෂ් දන්නවානම් බී.බී.සී වත් කියවන්න
එහෙනම් මෙහෙ ජනතාව බෙහෙත් ආහාර නැතිව දුක් විදිනකොට ජනරජ පෙරහැර නිදහස් උත්සව, පාදඩ දේශපාලන ලොක්කන්ට සියළුම සැප වරප්‍රසාද භුක්ති විදින්නේ.....
තව අවුරැදු දහයකටත් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් නොවන රටක පෙනියක් වියදම් නොකර කරන්න පුළුවන්
ජනතාව ඒ මුදල ගෙව්වාට කමක් නැහැ එංගලන්තය ලෝක සිතියමේ රැඳී තිබෙන්නේ රජ පරම්පරාව නිසයි.
අපෙන් ඉගෙනගෙන
අපේ රටෙන් කී දෙනෙක් විතර යන්ඩ ලෑස්ති වෙලා ඉන්නවද දන්නේ නැහැ .
මේ රටේ වෙන දේවල් හරියට දන්නේ නැතුව කෙන්ද කන්ද කරලා බොරු කියන අයත් ඉන්නවා.