(නිමන්ති රණසිංහ)
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දස දෙනකුගේ ඩී. එන්. ඒ. වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළේය.
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්ඩවල මරණකරුට අමතරව ආගන්තුක ජෛව සාම්පල් (ඩී එන් ඒ) දෙකක් ඇතුළත් වූ බවට රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වූ බැවින් ඒවා කාගේදැයි සැසැදීම සදහා මෙම ඩී එන් ඒ වාර්තා කැදවිය යුතුව ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මරණකරුගේ ගෙලේ තිබූ කේබලයේත්, මරණකරුගේ දෑත ගැට ගසා තිබූ ස්ලිප් පටියේත් සහ මරණකරු භාවිත කළ වතුර බෝතලයේත් මෙම ආගන්තුක ඩී එන් ඒ රටා තිබූ බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් හඳුනාගනු ලැබ තිබූ බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂන කුමන දිශාවකට ගියත් යුක්තිය ඉටුවන බවක් නම් පෙනෙන්නට නැත. අපෙ රටෙ පොලිසිය දන්නෙ ගිනිකුරු ගනන් කරන්න පමනයි.
අන්තිමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ වැඩේ කළා කියලා කියයිවත්ද ? මම කිව්වේ වෙන රටවල කැකිල්ලේ නඩු තීන්දු දෙන නිසා. අපේ රටේ එහෙම නෑනෙ.