IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙට මැදි වී පැන්නු අය යළි ගෙන්නයි

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ඇති පුද්ගලයන්ගේ ළඟම ඥාතීන් වන  රාජ්‍ය සේවක සේවිකාවන්ද  එම කාරණය සැලකිල්ලට ගෙන වෙනත් ප්‍රදේශවලට මාරු කර ඇත්නම්  යළිත් මුලින් වැඩ කළ ස්ථානයට පැමිණ රාජකාරි ආරම්භ  කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඔවුන්ගෙන්  ඉල්ලීමක් කළේය.

මේ පුද්ගලයන් මෙලෙස මාරු කර යවා ඇත්තේ ඇතැම් ආයතන ප්‍රධානින්ගේ නොදැනුවත්භාවය නිසා බවද  ඔහු සඳහන් කළේය.

මහත්තයා මැතිවරණයට ඉදිරිපත් වීම නිසා නෝනාත් නෝනා  මැතිවරණයට ඉදිරිපත් වීම නිසා මහත්තයාත් මාරු කර යැවීමේ සිද්ධීන් ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන බවද  රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මහත්තයා ඡන්දයට ඉදිරිපත්වීම ගැන නොසතුටෙන්  සිටින නෝනලාත් මෙසේ මාරු කර යවා ඇති පිරිසේ සිටින බව  පැවසූ වක්කුඹුර මහතා එලෙස මාරුවීම් ලබාදීම නීති විරෝධී හෙයින් එවැනි කටයුතු වහා නතර කළ යුතු බවද  පෙන්වා දුන්නේය.

මේ අතර ඡන්දයට ඉදිරිපත්ව  සිටින අපේක්ෂකයන්ට  සිය ඡන්ද කොට්ඨාසයෙන් බාහිර වෙනත් ප්‍රදේශයක තාවකාලිකව රාජකාරි  කටයුතු කර ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත් ඔවුනට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට නිර්දේශ ලබාදී ඇති බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. මෙයට අදාල චක්‍රලේඛය ළඟදීම නිකුත් වනු ඇතැයි  ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (0)

ඡන්දෙට මැදි වී පැන්නු අය යළි ගෙන්නයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site