(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අලුත විවාහ වූ තරුණයෙකු ඔහුගේ පරණ පෙම්වතිය බව කියන තරුණියක සමඟ මැදවච්චි ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ සිටියදී ඊයේ (1) සවස දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මුල්කරගෙන තරුණයා කැපුම් තුවාල ලබා ඇති අතර තරුණිය ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් ලබා ගැනීම නිසාරෝගාතුරව දෙදෙනාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව මැදවච්චිය පොලිසිය පවසයි .
තරුණයාගේ එක් අතක කැපුම් තුවාලයක් පෙනෙන්නට තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
බෝගහවැව ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා පොලොන්නරුව සෙවණපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහුගේ හිටපු පෙම්වතිය බව කියන තරුණිය සමඟ මැදවච්චිය ප්‍රදේශය පිහිටි තාවකාලික ලැගුම් හලකට පැමිණ කාමරයක ලැගුම්ගෙන සිට ඇතැයි පොලිසිය කියයි.
පෙම්වතා මීට දින කිහිපයකට කලින් වෙනත් තරුණියක් සමග විහාර වී ඇති බව ඇති බව කල්තියා දැනගෙන සිටි පෙම්වතිය ඒ ගැන ඔහුගෙන් විමසාඅත් බෑග් එකේ සඟවාගෙන පැමිණි පිහියකින් ඔහුට ඇනීමට උත්සාහ කළ අවස්ථාවේ දෙදෙනා අතර පොර බැඳීමක් සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
තරුණයාගේ අතකට තුවාල සිදු වී ඇත්තේ මෙම පොරබැදීම සිදුවන අවස්ථාවේදී යැයි කියති.
පසුව පෙම්වතිය බව කියන තරුණිය නිදි පෙති අධි මාත්‍රාවකින් පානය කිරීම නිසා ඇය ද රෝගාතුර ව ඇතැයි පොලිසිය කියයි.
ලැගුම්හලේ අයිතිකරු සහ සේවකයින් වහා ක්‍රියාත්මක වී දෙදෙනාවම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. මැදවච්චිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අලුත් මනමාලයාට පරණ පෙම්වතියගෙන් පිහි පහර