(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් ජීප් රථය වාරියපොල දී කුඩා ප්‍රමාණයේ ලොරි රථයක ගැටීමෙන් ලොරි රථයේ රියදුරා සහ එහි සිටි පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කර ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මන්ත්‍රීවරයාට කිසිදුහානියක් සිදුවී නොමැති අතර ඔහු ගමන්ගත් ජීප් රථය පැදවූ හැට හත් හැවිරිදි රියදුරා ද තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මන්ත්‍රීවරයා ගමන්ගත් ජීප් රථය පදවා ඇත්තේ විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකි.
පෞද්ගලික බැංකුව ඉදිරිපිට නතර කර තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථය එක්වරම මාර්ගයට ගැනීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට මන්ත්‍රීවරයාද සහය ලබාදී ඇත.
පසුව මන්ත්‍රීවරයා වෙනත් රථයක් ගෙන්වා ගෙන එහි නැගී පිටත්ව ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ගේ වාහන හැප්පුනත් මාධ්‍ය වල දානවා. ඉතින් රටක් දියුණු වෙයිද ?
රට විනාශ කරපු දූෂිත දේශපාලුවන්ගේ වාහන හැප්පිලා ඔවුන් සෙත්තපෝච්චි වෙනවා නම් ලොකු දෙයක්...
හොඳම ආරංචිය නම් මංගලලා හම්බවෙන්න ගියා කියන ආරංචියයි...