
(සුජිත් හේවාජුලිගේ )
පළාත් සභාවල සහ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පාවිච්චි කළ වාහන 565 ක් යම් යම් නිලධාරීන් හිතුමතේ පාවිච්චියට යොදා ගැනීම නිසා ඒවා දැඩි ලෙස විනාශයට පත්වෙමින් තිබෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් එම වාහන අත්‍යවශ්‍යම කටයුත්තකට හැර වෙනත් කටයුතුවලට යොදා ගැනීමෙන් වළකින්නැයි උපදෙස්දී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
ඉදිරියේදී පත්වන නියෝජිතයන් සඳහා බාරදීමට එම වාහන සංචිතවල තබන ලෙසටද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත.
පළාත් සභාවල හිටපු මහ ඇමතිවරුන් , සභාපතිවරුන්, සභානායකවරුන් සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් පාවිච්චි කළ වාහන 225ක් සහ මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන් පාවිච්චි කළ වාහන 340 ක් එම සභාවල නිල කාලය අහෝසිවීමෙන් පසු ඇතැම් නිලධාරීන් පාවිච්චියට යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන ආයතන ප්‍රධානීන් සඳහා එම වාහන 340 ලබා දුන්නේ තම අමාත්‍යාංශයෙන් බවත් මෙයට අමතරව ඒවායේ අලුත්වැඩියා කටයුතුද අමාත්‍යාංශයෙන්ම කර දුන් බවත් වක්කුඹුර මහතා කීවේය.
මෙම වාහන මෙලෙස විනාශ වුවහොත් ඉදිරියේදී පත්වන එම සභාවල ප්‍රධානීන්ට අමුතුවෙන් මුදල් වැයකර වාහන මිලදී ගැනීමට සිදුවනු ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දිවයින පුරා සියලුම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වීම නිසා එම සභා සියල්ල දැනට පවතින්නේ නිලධාරී පාලනය යටතේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කවදා හෝ අලුතින් මැතිවරණ තබා පත්වෙනතුරුම වාහන ගාල්කර තිබිලා අන්තිමේ දිරලා කියලා වෙන්දේසියේ අඩුම ලංසුවකට ගන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්... නැත්නම් ආයතනවල ප්‍රධානීන් ඒවායේ වාඩිවෙලා රාජකාරි කළාම අලුත් දේශපාලුවන්ට ඒවායේ වාඩිවෙන්නෙ තියෙන අමාරුව මොකක්ද, නැත්නම් නිලධාරින් පස්ස තියපු තැනක දේශපාලුවන්ට පස්ස තියන්න බැරි හේතුව මොකක්ද?
ඔය හොරුන්ට වාහන දීපු එවුනුත් හොරු
මුන්ට ඔච්චර වාහන මොකටද ? ඇල්ටෝ වල පලයල්ලා. ලේලන්ඩ් ලොරි බස් වල පලයල්ලා. අපිට යන්න පුලුවන් නම් තොපිට බැරි මොකෝ. බදු සල්ලි විනාස කරනවා මිසක් තොපි වෙන වැඩක් කරන්නේ නෑනේ...