
(ජී. ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
සිව්දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මෙරට සංචාරයක් සඳහා පැමිණි පීලීපීන ජාතික කාන්තාවකගේ බෑගයේ තිබූ රුපියල් 90,000.00,ඇමරිකානු ඩොලර් 100 සහ ඕස්ට්‍රේලියානු ඩොලර් 200 ක් ගාල්ල සමනල ක්‍රීඩාංගනය අසලදී කොල්ලකා පලාගොස් ඇතැයි ගාල්ල පොලීසිය කියයි.
මෙම කාන්තාව තම බෑගය බිම තබා ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගනිමින් සිටින අතර තුරදී මෙම කොල්ල කල්ලිය එම ස්ථානයට පැමිණ ඉන් එක් අයකු බෑගය ගෙන රත්ගම වෙරළ දිශාවට දුවගොස් තිබේ.
ඒ අවස්ථාවේදී මෙම කාන්තාවද ඔවුන් ලුහු බිඳිමින් දිවගොස් ඇති අතර එතැනදී ඇය ඇද වැටීම හේතුවෙන් සීරිම් තුවාල ලබා තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමින සිටි මෙම පිලිපීන කාන්තාව රත්ගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි අතර ගාල්ල නගරයේ සහ කොටුවේ සිරි නැරඹීමට පැමින සිටි අවස්ථාවේදී මෙම ඇබැද්ධියට මුහුන දී තිබේ.
පසුව කළ සොයා බැලීමේදි මෙම බෑගය අතර මග දමා ගොස් තිබී සොයා ගෙන ඇති අතර එහි තිබූ මුදල් සොර කල්ලිය රැගෙන ගොස් තිබූ බවත් බෑගයේ තිබූ විදේශ ගමන් බලපත්‍රය පමනක් එහි තිබී සොයාගත් බවත් පොලීසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න, ඔහොම කරලා අපි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමු. කලාපයේ අනෙකුත් රටවල විශේෂයෙන්ම මාලදිවයිනෙහි විදෙස් සංචාරකයින්ට තිබෙන ආරක්ෂාව සහ පහසුකම් එක්ක බලන විට අපේ රටට මෙහෙම හරි සංචාරකයෝ එන එක අගය කරන්න ඕන. විදේශිකයින් කීප දෙනෙක්ම තම තමන්ගේ යූ ටියුබ් චැනල් වලින් අපේ රට ගැන ඉතාමත් හොද ප්‍රසිද්ධියක් ලබා දෙන මොහොතක අපි මෙවැනි ක්‍රියා කර කර ඉමු.
ඉතින් සංචාරක කර්මාන්තය දියුණු වෙයිද? රටේ ගෞරවයට මොකද වෙන්නෙ? හොරුන්ට, දූෂකයින්ට නිසි දඩුවම් නොමැති නිසා මේ අපරාධ සදහටම පවතීවි.
ඇමැතියයි, පොලිසියයි නිදි... පොලිසියට හොරුන්ගෙන් කොටහ ලැබෙනවා ඇති...