(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පොල, අම්බුළුවාව රක්ෂිතයෙ දින තුනක කාලයක් තිස්සේ සිට නිරුවතින් කෑකෝ ගසමින් සිටියේ යැයි කියන කාන්තාවක් ගම්පොල මූලස්ථාන පොලිසිය විසින් අද සොයා ගනු ලැබුවාය.
දින තුනක කාලයක් තිස්සේ සිට රක්ෂිත වනාන්තරය තුළින් කාන්තාවක් වරින් වර කෑකෝ ගසන හඬ ඇසුණු ප්‍රදේශවාසීන් පිරිසක් ඒ ගැන රක්ෂිත වනාන්තරය තුළට ගොස් විපරම් කර බලා ඇත.
ඇඟේ නූල් පොටක් වත් නොමැති කාන්තාවක් සිටින අයුරු දුටු එම ප්‍රදේශවාසීන් පිරිස මේ බව බව ගම්පොල මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ.
ගම්පොල මූලස්ථාන පොලීසියේ කාන්තා නිලධාරිනියන් කණ්ඩායමක් පැමිණ මෙම කාන්තාවට ඇඳුම් අන්දවා ඇය එම නිලධාරිනියන්ගේ බාරයට ගෙනඇත.
පොලිස් නිලධාරිනියන්ගේ බාරයට ගත් කාන්තාව ගම්පොල රෝහලට ඇතුළත් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම කාන්තාවගේ අනන්‍යතාවය තවමත් තහවුරු වී නොමැත.
මෙම කාන්තාවගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd