
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවක් බලහත්කාරයෙන් සිය තරුණ බිරිඳට විද ඇය ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන ත්‍රිකුණාමලය මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු බම්බලපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සිරුරට අධිමාත්‍රාවක් ඉන්සියුලින් විදීම නිසා සිහිසුන් තත්ත්වයේ පසුවන එම කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
විවාහ වී කාලයක් ගතවී ඇතත් දරුවන් නොමැතිවීම නිසා බිරිඳ ,වෛද්‍යවරයා සමඟ නිතර නිතර ආරවුල් ඇතිකර ගන්නා තැනැත්තියක් බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
වෛද්‍යවරයා නිතර නිවසට නොපැමිණෙන අයකු බවද පොලිසියට දැනගැනීමට ලැබී ඇතැයි කියති.
දරුවන් නොමැති වීම නිසා- බිරිඳ නිතර ආරවුල් ඇති කර ගැනීම මත ඇය ඝාතනය කිරීමේ අරමුණින් සැකකාර වෛද්‍යවරයා ඇයට මෙවැන්නක් කර ඇති බව මූලික පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
අදි මාත්‍රාවකින් ඉන්සියුලින් බිරිඳගේ සිරුරට බලහත්කාරයෙන් ඇතුළු කර සිරුරේ සීනි ප්‍රතිශතය අඩු කර ඇය ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බව පෙනී යන්නේ යැයි ද පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.
සිහිසුන් වූබිරිඳ පසුව රෝහල් ගතකර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙනතිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසාද බැන්දත් දරුවන් පිලිබද බිරිද ගේ බලාපොරොත්තුවලට පයින් ගසා දරුවන් උවමනා නැති මෙවැනි නරුම පිරිමි සමාජයේ සිටිනවා. මෙවැනි පිරිමින් විවාහයට පෙර දැනගැනීමට ක්‍රමයක් කිසිම ශාස්ත්‍රයකට හසුනොවේ.
බටහිර රටක මෙවැනි දෙයක් සිදුවුණා නම්, දොස්තරට අවම වශයෙන් වසර 20 ක් පමණක සිර දඬුවමක් ලැබෙනවා. ජීවිත කාලයටම දොස්තර කම කෙසේවෙතත් නර්ස් කෙනෙකු ලෙස හෝ සේවය කිරීම සපුරා තහනම් වෙනවා.
ඝාතන තැත වැරදි මෙන්ම අපායගාමී ක්‍රියාවක්. බිරිඳත් වදක භාර්යාවක් වෙලානෙ. තියෙන ප්‍රශ්නය ගුණධර්ම වියැකෙන්නට නොදී විසඳගන්නවා වෙනුවට නිගා දෙමින් යක්ෂණියක් සේ හැසිරෙන්න ඇති.මනුස්සයා ඒ මානසිකත්වයට ඇදලා දාන්න ඇත්තේ ඇය විසින්මයි. සියලු භාර්යාවන් සැළකිලිමත් විය යුතුයි තම හැසිරීම් ගැන.
තමන්ගෙ නොහැකියාව වහගන්න හෝ වෙන තැනක ලගින්න පහසුකම් තිබෙන නිසා මෙහෙම කලාද කියලා හිතෙනවා.