IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ජී.ආර්. පෙරේරා දිවි මඩලට සමුදෙයි

 

වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට ක්‍ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ රංගධරයකු වූ ජී.ආර්. පෙරේරා මහතා අද (1) අභාවප්‍රාප්ත විය.

කලක් අසනීපව සිටි ඔහු මිය යන විට 84 වැනි වියේ පසු විය.

කිරුළපන ප්‍රදේශයේදී 1939 දී උපත ලැබූ ජී.ආර්., රත්තනපිටිය ආනන්ද බෞද්ධ මිශ්‍ර පාසලින් හා කොටහේන කුමාර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසුව කලා ක්‍ෂේත්‍රයට පිවිසීයේය.

කලා ක්‍ෂේත්‍රයේ ප්‍රේමරංජිත් තිලකරත්න, ධර්මසිරි වික්‍රමරත්න, වික්‍රම බෝගොඩ ආදී ප්‍රවීණයෝ ඔහුගේ සම කාලීන පාසල් මිතුරෝ වූහ.

ඔහු 1961 වසරේදී සුගතපාල ද සිල්වා මහතාගේ “අපේ කට්ටිය”ට බැඳුණු අතර, එහි ආරම්භක සාමාජිකයෙක් ද විය.

ධර්මසිරි වික්‍රමරත්නගේ “රන් තෝඩු” නාට්‍යයෙන් වේදිකාවට පිවිසි ඔහු, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු සහ තිරකතා රචකයකු වූ ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ “වැලිකතර” චිත්‍රපටයෙන් සිනමාවට හඳුන්වා දෙනු ලැබීය.

එතැනින් ආරම්භ වූ ඔහුගේ සිනමා ගමනේදී කරුමක්කාරයෝ, විරාගය, සිහින දේශය, පාදඩයා, සත්‍යාදේවි, පාර්ලිමන්ට් ජෝක්, සුදු සෙවණැලි, මදර් තෙරේසා, සූරිය අරණ, රජ්ජුමාලා, සිරි දළදාගමනය, මහරජ අජාසත්, නිදහසේ පියා ඩී.එස්. සේනානායක ආදී චිත්‍රපට 40කට අධික සංඛ්‍යාවක රඟපෑමේ වරම් උදා විය.

 ඉදිරියේ තිරගත වීමට නියමිත කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ, සූවිසි විවරණය, සූර්යා වැනි චිත්‍රපටවල ද ඔහු ප්‍රධාන වරිත නිරූපණය කර ඇත.

අචාර්ය තිස්ස අබේසේකරගේ “තුන්කල් සිහිනය” ටෙලිනාට්‍යයෙන් පුංචි තිරයට එක් වූ ජී.ආර්., “දූදරුවෝ” ටෙලිනාට්‍යයේ මළකඩ බාස්ගේ චරිතයෙන් ජනප්‍රිය විය.

ඔහු ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක විය.

ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත් ජී.ආර්. පෙරේරා මෙරට රූගත කළ ඉන්දියානු චිත්‍රපට ත්‍රිත්වයකට හා ඇමෙරිකානු හා ජර්මානු චිත්‍රපට ද්විත්වයකට ද රංගනයෙන් දායක වී ඇත.

රංගනය වෙනුවෙන්, ඔහු 1980 වසරේදී ආචාර්ය තිස්ස අබේසේකරගේ “කරුමක්කාරයෝ” චිත්‍රපටය සඳහා ජූරියේ සම්මානය ද, 2007 වසරේදී අනුර මාධව ජයසේකරගේ “චක්‍රායුධ” ටෙලිනාට්‍යය වෙනුවෙන් හොඳම සහාය නළුවා සම්මානය ද හිමි කරගත්තේය.

ජී.ආර්.ගේ බිරිඳ ෆෝරීඩා රත්නායක මහත්මිය ද ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක වූවාය. ඇය නිෂ්පාදනය කළ “සිතක මහිම” ටෙලිනාට්‍යයේ කතාව හා තිර රචනය ජී.ආර්. පෙරේරාගෙනි

ජී.ආර් පෙරේරාගේ බාල දියණිය යමුනා එරන්දතී ද ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළ අතර, ඇය තොරතුරු තාක්ෂණ උපාධිධාරිනියකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වශයෙන් රජයේ සේවයේ නිරතව සිටි ඔහු, කලක් දෙහිවල බරවා මර්දන ව්‍යාපාරයේ කටයුතු කර, පසුව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග මර්දන නිලධාරියා ලෙස සේවය කර විශ්‍රාම ලැබීය.

රජයේ සේවකයකු ලෙස රාජකාරියේ යෙදී සිටියදී කලා කටයුතුවල නිරත වීමට රජයෙන් අවසර ලබාගත් පළමු කලාකරුවා වූයේ ද ඔහුය.

ඔහු දියණියන් දෙදෙනකුගේ සහ පුතකුගේ ආදරණීය පියාණන් විය.

දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ රෙස්පෙක්ට්හි තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (3) බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

(සමන්ත යහම්පත්)

--------------------------------------------------------------------------------------------------

(යොහාන් භාසුර)

ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අද (1) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

සිනමාව, වේදිකාවේ සහ රූපවාහිනියේ එකසේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා විශිෂ්ට රංගන වෙනුවෙන් සම්මාන රැසක් හිමිකරගත් රංගන ශිල්පියෙකි.

රූපවාහිනියට නැතුවම බැරි රංග ශිල්පියෙක් වූ ඒ මහතා ටෙලිනාට්‍ය ඇතුළු වැඩසටහන් 500 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා තිබේ.  



අදහස් (12)

ජී.ආර්. පෙරේරා දිවි මඩලට සමුදෙයි

Buddika Monday, 01 May 2023 12:46 PM

විශිෂ්ඨ රංගන ශිල්පියෙක්. තලතුනා ගැමි චරිත රඟපෑමට මෙතුමා අතිශයින්ම දක්ෂයෙක්. එය පිරිමැසිය හැකි වෙනත් අයෙක් කලා ක්ෂේත්‍රයේ නෑ. නිවන් සුව ලැබේවා. සුබ ගමන් ඔබට.

:       0       10

චමින්ද Monday, 01 May 2023 12:58 PM

අජරාමර නිවන්සැප ලැබේවායි පතමු.

:       0       13

Channa Monday, 01 May 2023 01:10 PM

අති විශිෂ්ට රන්ගන ශිල්පියෙක්.

:       0       11

කසුන් Monday, 01 May 2023 01:25 PM

සුබ ගමන්, තණ්ඩලේ මාමා! එළියස් අප්පුහාමි නං කලින්ම එහෙ ගොහින් නොවැ. දෙන්නගෙ හමුවීම සුහද හමුවක්ම වේවා !

:       0       11

පිටිගල මිලානෝ Monday, 01 May 2023 01:40 PM

කරදර කම්කටොලු, යුද්ධ මැද ආදරයේ කාන්තාරයේ ඇවිදින තරුණ තරුණියන්…. මෙවැනි දහසක් දනට මදක් හෝ අස්වැසිල්ලක් ගෙනදුන් කෙනෙකි ඔබ… නිවන් සුව ලැබේවා…!

:       0       8

SUNIL MILANO Monday, 01 May 2023 02:38 PM

ඔබතුමා තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ගෞරව කරන අතර අජරාමර නිවන් සම්පත්තිය ද ලැබේවායි පතමි.

:       0       9

මහසෙන් Monday, 01 May 2023 03:16 PM

ජේෂ්ඨ කළා ශිල්පියාණනි.ඔබ අමා මහා නිවණින් සැනසේවා!!!

:       0       10

ගමේ එකාලා Monday, 01 May 2023 03:22 PM

ජී.ආර්.පෙරේරා මහතා දක්ෂ රන්ගනවේදියෙක් .එතුමාට අමාමහ නිවන්සුව අත්වේවා !

:       0       8

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 01 May 2023 05:59 PM

නිහඬ රංගන විරුවෙක්. රංගධරයාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා !

:       0       10

පැරකුම් Monday, 01 May 2023 08:44 PM

මේ අති විශිෂ්ඨ රංගන ශිල්පියා මිය යනවිට වයස කොපමනදැයි දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

:       0       0

Bamunuarachchi Tuesday, 02 May 2023 11:39 AM

ඔබට නිවන් සුව පතමි...

:       0       1

ගනේගොඩ Tuesday, 02 May 2023 05:14 PM

අහෝ..! අප්පච්චි..! ඔබට සුබ ගමන්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site