(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මීගමුව ප්‍රදේශයේ පාසල් භූමියක වැටී තිබියදී සිසුවකු අහුලාගෙන විදුහල්පතිට බාර දුන් වටිනා රන් ආභරණයක් නිල කාමරයේ කබඩ් එකක් තුළ තබා තිබියදී අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.
රුපියල් හතලිස් දහසක් පමණ වටිනා බ්‍රේස්ලට් එක අතුරුදහන් වී ඇති බවට කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
කිසියම් කටයුත්තක් සඳහා පාසලට පැමිණි කාන්තාවකගේ බේස්ලට් එක අස්ථානගත වී ඇතත් එය සොයාගැනීමට නොහැකි වී තිබිණි යැයි පොලීසිය පවසයි.
පාසල් භූමියේ වැටී තිබියදී සිසුවකු මෙම බ්‍රේස්ලට් එක අහුලාගෙන විදුහලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ නිළධාරිනියන් දෙදෙනකුට භාරදී විදුහල්පතිනියගේ ද උපදෙස් මත එහි අයිතිකරු සොයා ගන්නා තෙක් පෙට්ටියක බහා කබඩ් එකක් තුළ දමා තිබේ.
නැති වූ බේස්ලට් එක පාසල් දරුවකු අහුලාභාර දී තිබෙන බව දැනගත් එහි අයිතිකාරිය එහි අනන්‍යතාවය තහවුරු කර එය රැගෙන ඒම සඳහා විදුහලට ගොස් ඇතැයි කියති.
පෙට්ටියක බහා කබඩ් එකක් තුළ තිබූ මෙම බ්‍රේස්ලට් එක අතුරුදහන් වී ඇති බව දැනගත් එහි අයිතිකාරිය මේ බව කොච්චිකඩේ පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම බ්‍රේස්ලට් එකේ අයිතිකාරිය කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.
බ්‍රේස්ලට් එක කබඩ් එකක් තුළ සුරක්ෂිතව තිබියදී අතුරුදහන් වීම තවමත් අභිරහසක් යැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුවා අහුලා දුන් අත් පළඳනාව විදුහල්පති කාමරයේදී අතුරුදහන්
ලුම්බිණි Monday, 01 May 2023 10:34 AM
හැමදාම කිව්වේ ළමයි ගුරුවරු ආදර්ශයට ගත යුතුයි කියල. එය වෙනස් විය යුතුයි ගුරුවරු ළමයි ආදර්ශයට ගත යුතුයි කියල.