IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


හොරොව්පොතාන අනතුරින් දෙකක් මරුට

(චින්තක කේ. බාලසුරිය)

හොරොව්පොතාන ප්‍රදේශයේදී වූ මෝටර් රථ අනතුරකින් යුදහමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු මියගොස් රථයේ රියදුරා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට ගොස් නැවත හොරොව්පොතාන දෙසට ගමන් ගත් මෝටර් රථයක් හොරොව්පොතාන – වව්නියාව A29 මාර්ගයේ කිවුලකඩවල ප්‍රදේශයේ දී ගවයන් දෙදෙනකුගේ ගැටි පසුව බෝක්කුවක ද ගැටී  මාර්ගයෙන් ඉවතට පැන පෙරලී මෙම අනතුර සිදුව ඇති බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

පෙර දින (30) රාත්‍රියේ 09.50 ට පමන සිදුවූ මෙම අනතුරි අවුරුදු එක් තරුණයකු එම ස්ථානයයේදීම ජීවිතක්ෂයට පත්වු අතර අනෙක් දෙදෙනා බරපතළ තුවාල ලබා හොරොව්පොතාන රෝහලට ඇතුත් කර තිබිණ. එහිදි අවුරුදු 19 ක් වයසැති තවත් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පොතාන පොලිසිය පවසති.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අලුත්වත්ත, මරදන්කඩවල ප යුද හමුදා සෙබලකු වු මුණසිංහගේ රොමින්ද නලින් මදුභාෂන හා නිකවැව හොරොව්පොතානේ පදිංචි ආර්.ආර්. සදරු ප්‍රභාෂණ නැමැති අවුරුදු 19 තරුණයෙකි.

මෝටර් රථයේ රියදුරු  බරපතල තුවාල ලබා ඇති අතර ප්‍රදේශවාසින් එක්ව හොරොව්පොතාන ප්‍රදේශිය රොහලට ඇතුළත් කර තිබිණි. බරපතල තුවාල ලබා සිටි රියදුරු වැඩි දුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට හොරොව්පොතාන ප්‍රදේශිය රොහල් වෛද්‍යවරු කටයුතු කළහ.

මිය ගිය තරුණයින්ගේ දේහයන් හොරොව්පොතාන රෝහලේ මෘත ශල්‍යාගාරයේ තැම්පත් කොට ඇති අතර (01)මරණකරුවන්ගේ ඥාතින්ට භාර දීමට නියමිතව ඇත .



අදහස් (1)

හොරොව්පොතාන අනතුරින් දෙකක් මරුට

මංගලසිරි Monday, 01 May 2023 03:02 PM

කියන හැටියට ජැක්සන් අලියෙකුගේ හැපිල අනතුරක් වුනා. මේ පිරිස් හරක් දෙන්නෙක්ගේ හැපිල මරණ කීපයක් වෙනවා. ඇත්තටම මේ පිරිස තරුණයෝ නිසා වේගසීමා නොසලකා ගියාද නැත්නම් මංගල උත්සවයේ නැටුම් තෙල් පාවිච්චියට ගැනීම සීමා ඉක්මවා සිටියාද බලන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site