කාන්තාවක් පැහැරගෙන දේපොළ කොල්ලකෑ අයෙක් අල්ලයි
ව්යාපාරික කාන්තාවක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් නිවසක සිර කර, මරා දමන බවට පවසා, ඇය සතුව තිබූ මුදල් හා රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ල කෑ සැකකරුවෙකු, මෝටර් රථයක්, ලක්ෂ 3කට වැඩි මුදල් සහ රන් භාණ්ඩ ඇතුළු දේපල තොගයක් සමග අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.