(සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද රක්ෂණ රැකවරණය දෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
රක්ෂණ රැකවරණ මෙතෙක් ලැබෙනුයේ මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයකුටම වාර්ෂිකව හිමි වන රක්ෂණ ආවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකි. යම් කිසි මුදලක් තමන්ගේ වැටුප්වලින් හෝ කපාගෙන පවුලේ සාමාජිකයන්ට ද රක්ෂණ ආවරණය දෙන්නැයි ඔවුන් මෙසේ ඉල්ලා ඇත.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් ඉදිරි සතිවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී ද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරු කීපදෙනෙක් පැවැසූහ. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් මාස ගණනාවකින් පවත්වා නැතැයි ද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈ බොල ඔබලාගේ පවුල් රකින්න ජනතාවගේ මුදල් වලින්? ඔබලාගේ පවුල් රකින්න නොවෙයි, ජේවීපී රජයක් ආවොත් පෙන්ෂන් එකටත් කෙලවෙලයි නවතින්නේ...!
හිරේ නොදාන්න කියලාද රක්ෂණයක් ඉල්ලන්නේ…? පව්කාර හැත්ත…..
අනේ කොච්චර එකක්ද. ජනතා සේවය වෙනුවෙන් කැපවී සිටින අපගේ දූෂිත දේශපාලුවන්ට කොච්චර දුන්නත් මට නම් හිතට මදි.
මේක පුදුම වැඩක්නේ... ඔබේ පවුල්වල අයට අපි ඡන්දය දුන්නේ නැහැ... කෙනෙක් මන්ත්‍රී වුණා කියලා පවුලේ අය නඩත්තු කරන්න ජනතාවට අමාරුවක් නැහැ. ජනතා මුදල් එහෙම නාස්ති කරන්න දෙන්නත් බැහැ. රක්ෂණය අවශ්‍ය නම් සාමාන්‍යයෙන් ජනතාව කරන ආකාරයට කර ගනිල්ලා... බැරි නම් ඔය පට්ටම විසිකරලා ගෙදර යන්න. ඔය ඉල්ලීම කරපු අය සොයා ඊළඟ වතාවේ ගෙදර යැවීමට සූදානම් වෙමු...
තව ටික දවසක් ගියාම නීත්‍යානුකූල හා අනියම් සම්බන්ධතා වල අයගෙත් නඩත්තුව අපිටම දරන්න වෙයි වගේ...
මේ ගොල්ලන්ට එය ඉතාමත් අත්‍යාවශ්‍ය මොහොතක්.
කිසිම මුදලක් මන්ත්‍රී වැටුප්වලින් කපානොගෙන, ජනතාවගෙ බදු වලින් මන්ත්‍රී පවුල් පිටින් රක්ෂණ ආවරණය කරමු. තව ඔවුන්ගේ ගෝල බාල හෙන්චයියන්වත් රක්ෂණය කරමු. තව, රක්ෂණ ආවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ දහසක් දක්වා වැඩි කරමු මේ රටට-ජනතාවට කරන අදුරදර්ශී-කාලකන්ණි සේවය වෙනුවෙන්..
ඔව් උන්ගෙ පව් ගෙවන්න වෙන්නෙ අනිත් එවුන් ට නෙ.
ලංකාවේ සියලුම පුරවැසියන්ට හෙල්ත් ඉන්සුවරන්ස් එකක රජයෙන් දීල තිබෙනවා , රජයේ රෝහල් වල නොමිලේ ප්‍රතිකාර කරනවා , මන්ත්‍රීලා සහ උන්ගේ පවුල්වල මිනිස්සු කියන්නේ විශේෂ සත්ව කොට්ඨාසයක් ද ? මන්ත්‍රීලාට දෙන ඉන්සුවරන්චේ එකත් ඉවත්කර මොවුන්ට රජයේ රෝහල් වල ප්‍රතිකාර ගන්න තත්වයට ගෙන එන්න ඕනේ , එහෙම කරහම රජයේ රෝහල් වල අඩුපාඩු බලල ඒවා සම්පුර්ණ කරන්නත් පුළුවන්
වැටුපෙන් හෝ කපාගෙනලු. 1. වැටුපෙන් ගෙවන්න ලැහැස්ති නම් උඹලා පෞද්ගලිකව කැමති ආයතනයකින් රක්ෂණ ගනිල්ලා කෝ. මොන බම්බුවකටද රජයෙන් ඉල්ලන්නේ? මොවුන් බලාපොරොත්තු වෙන්නේ ගෙවීම් කොටසක් ජනතාවට පටවන්න. කාලකන්නි 2.. රක්ෂණය ගන්නේ පවුල් උන්ට නම් අපේ වැටුප් වලින් කපලාද ගෙවන්න කියන්නේ. අනිවාර්යෙන්ම ගෙවිය යුතු මුදල් ඔවුන්ගේ වැටුපෙන්ම කපාගත යුතුයි. 3. මන්ත්‍රී කම නැති උනාම ගෙවීම සිද්ද වෙන්නේ කෙසේද? රක්ෂණය අහෝසි වෙනවාද?
දැන් බලමු ජේවීපී කාරයෝ මොනාද කියන්නේ කියලා.
ඉල්ලන ඕනෑම දෙයක් මේ වෙලාවේ මිස්ටර් ටෙම්පරි ගෙන් ලබාගත හැක. මේ රටේ බොහෝ පාසල් වලට බීමට ජලය නැත.වැසිකිලි පහසුකම් නැත.නමුත් ගාසා මුස්ලිම් වසියන්ට මිලියනයක් තෑගි කර ඇත.යුශ්දය අවසන් වූ විට පාසලක් ද හදා දෙන් බව කියැවේ. විස්තර ඔබම සොයා ගන්න.