වෙළෙඳ කුටියේ පීත්ත පටිය කපන්න ලක්ෂ 10ක් වැය කරලා සෞදි අරාබියේ පැවැති වෙළෙඳ ප්‍රදර්ශනයකදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ කුටියක් විවෘත කිරීමේ අවස්ථාවට රිබන්, කතුරු, ඉටිපන්දම් හා බන්දේසියක් මිලදී ගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කර ඇතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ. 13 September 2023
දිනිත් නොදත් දිනිත්ගේ අවසන් ගමන ‘අම්මේ අද දුම්රිය වර්ජනයක් ඒ නිසා දුම්රිය යන්නේ නෑ’ කියා පුතා මට දුරකතනයෙන් කීවා. මා ඒ වෙලාවේ කීවා ‘අද යන්න එපා ගෙදර එන්නැයි’ කීවත් පෙරදිනත් නොගිය මම කොහොම හරි යන්නම් කීවා යැයි දුම්රිය වහලයේ ගමන් කරමින් සිටිය දී දුම්රිය ස්ථානයේ වහලයේ වැදී මිය ගිය සිසුවාගේ මව නිරෝෂා ගුණසේකර මහත්මිය පැවැසුවාය. 12 September 2023
ඖෂධ සමාගමේ ජී.එම්. මුහුදට පැනලා? මහරගම ප්රදේහයේ ප්‍රසිද්ධ ඖෂධ සමාගමක සාමාන්‍යාධිකාරිවරයකු බව කියන දෙදරුපියකු මොරටුව එගොඩඋයනේ දි අද දහවල් මුහුදට පැන සිය දිවි නසා ගෙන ඇතැයි එගොඩඋයන පොලිසිය කියයි. 12 September 2023
ගලි බවුසරයෙනුත් ලක්ෂ තුනක් ගසා කාලා මාතලේ මහ නගර සභාවට අයත් ගලි බවුසර් සේවා පිටස්තර පුද්ගලයන්ට කුලියට ලබාදීමේ දී එහි කුවිතාන්සි වංචනික ලෙස වෙනස් කර රුපියල් තුන්ලක්ෂ හැටපන් දහස් එකසිය විසි පහක මුදලක් නගරසභා ආදායමට බැර නොකර ඇති බව විගණන විමසුමක දී අනාවරණය වී ඇත. 12 September 2023
කෝටි 19ක කොකේන් කටුනායකදී මාට්ටු කටුනායක ගුවන් බඩු පර්යන්තයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් වෙත ලැබී තිබූ පාර්සලයක තිබී රුපියල් කෝටි 19 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.5 ක තොගයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය. 12 September 2023
ජනපති හෙට අලුයම එතෙර යයි ප්‍රධාන ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (13 ) අලුයම දිවයිනෙන් බැහැර යයි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසි වාරයට සහ කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ජී 77 කණ්ඩායමේ සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී සහභාගී වීමට නියමිතය. 12 September 2023
රටේ වගකීම බාර ගන්න සජිත් සූදානම් සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් බවත් රටේ වගකීම බාර ගැනීමට සජිත් ප්‍රේමදාස ප්රමුඛ සමගි ජන බලවේගය සූදානම් බවත් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය. 12 September 2023
අමාත්‍යංශ ලිපියට දොස්තර විරෝධය ශ්‍රේණිගත වෛද්‍යවරුන්හට ලබාදී ඇති 2021 වර්ෂය සදහා වන ස්ථාන මාරුවීම් අනුප්‍රාප්තික වෛද්‍යවරුන් නොමැතිව ක්‍රියාත්මක කළහොත් එම රෝහල්වල ප්‍රතිකාර කටයුතු අඩාලවිය හැකි බවත් එසේ තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනාවලිය නොසලකා හරිමින් මාරුවීම් නොලබන වෛද්‍යවරුන් සේවය අතහැර ගියා සේ සලකන බවට ලිපියක් නිකුත් කිරීමට දැඩි විරෝධය පළ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛා එකමුතුව සදහන් කරයි. 12 September 2023
හොර අත්සනක් ගැසූ බව සී.අයි පිළිගනී හොර අරක්කු නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට ව්‍යාජ අත්සනක් සහිත දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කළ බව ප්‍රියංකරගම පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්සිරි වික්‍රමගේ මහතා පිළිගැනීම හේතූවෙන් නීති විරෝධි මත්පැන් බෝතල් තිහක් සන්තකයේ තබා ගත් බවට චෝදනා ලැබු විත්තිකරුවකු තඔුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නඩු විභාගය අතරතුරදීම නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය. 12 September 2023
වෙල්ලාලගේ- අසලංක ඉන්දීය ඉනිම වනසති දුනිත් වෙල්ලාලගේ සහ චරිත් අසලංක විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිම ලකුණු 213 කට සීමා කිරීමට සමත් වූහ. 12 September 2023
වෘත්තීය පුහුණු ආයතනවලටත් විශ්වවිද්‍යල පිළිගැනීම දෙයි විශ්වවිද්‍යාලවලට ලබාදෙන පිළිගැනීම වෘත්තීය පුහුණු ආයතනවලටත් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි අධිකරණ අමාත්‍ය උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. 12 September 2023
හරක් කටාට උදවු කළ පී.සි රටින් පැන්නාද නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට උප පොලිස් පරික්ෂවරයකුගේ ගිනි අවිය උදුරාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාම උත්සහ කිරීම සදහා උපකාර කළ බව කියන සැකකාර කොස්තාපල්වරයා සිද්ධිය වීමට පෙර විදේශ ගත වීම සදහා විදේශ ගමන් බලපත්‍ර බව සකස් කර තිබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 12 September 2023
හොර ලේඛනවලින් විකුණන්න හැදූ සැප ජීප්රියක් කෝටිපතියකුගේ ගෙදර රජයට විශාල බදු මුදලක් අහිමි කරමින් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 8 ට අධික වටිනා නවීන අධි සුඛෝපභෝගි ජිප් රථයක් ව්‍යාජ ලේඛණ සකස්කර රුපියල් කෝටි 4 ක මුදලකට අලෙවි කිරීමට කුරුණෑගල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබියදි පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරය ඒකකය විසින් අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ ඇත. 12 September 2023
දුම්රිය අත්‍යවශ්‍ය කරන ගැසට්ටුව නිකුත් කරයි වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 12 September 2023
තැපැල් දුම්රිය සියල්ල වැඩ දුම්රිය රියදුරන් පිරිසකගේ වර්ජනයක් ක්‍රියාත්මක වුවද අද රාත්‍රි ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය. 12 September 2023
සිසුවාගේ මරණයට දුම්රිය රියැදුරන් 84 වගකිව යුතුයි දුම්රියේ වහලක ගමන්කරමින් සිටි සිසුවකු ඉන් වැටී මිය යාමේ සිද්ධියට වැඩවර්ජනය කළ දුම්රිය රියදුරන් 84 දෙනාම වගකිව යුතු යැයි ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. 12 September 2023
දුම්රිය මගියෙක් බුළුගහගොඩදී දුම්රියෙන් වැටෙයි කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ පා පුරුවේ ගමන්ගත් තවත් මගියෙක් බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ තවත් දුම්රියක ගැටී ඇද වැටී තුවාල ලබා ඇතැයි බුළුගහගොඩ දුම්රිය ස්ථන නිලධාරියෙක් පැවැසීය. 12 September 2023
‘‘ජනපතිගේ කමිටුව විහිළුවක්‘‘ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් හෙළි කළ කරුණු ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කිරීමට යෝජිත විමර්නශන කමිටුව විහිළුවක් බැවින් එය එක හෙලා ප්‍රතික්ෂේප කරන බව ලංකා කතෝලික සභාව ප්‍රකාශ කරයි. 12 September 2023
දුම්රිය රියදුරු වර්ජනයෙන් ගමන්වාර 166 ක් අවලංගුයි දුම්රිය රියදුරන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර තිබෙන වැඩ වැඩවර්ජනය හේතුවෙන් අද පස්වරුව වන විට දුම්රිය ගමන් වාර 166 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 12 September 2023
උසස් පෙළ සමතුන්ට ජනපතිගෙන් ඇගැයුම් අ.පො.ස උ/පෙළ 2021 හා 2022 විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (12) සිදුවිය. 12 September 2023
25වන සිරකරු දින ජාතික උලෙළ මහජන පුස්තකාලයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සිරකරු සුභ සාධක සංගමය විසින් සංවිධානය කළ 25 වන සිරකරු දින ජාතික උලෙළ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (12) පැවැත්විණි. 12 September 2023
පස්වරුවේ දුම්රිය ගමන් වාර 34ක් දුම්රිය රියදුරු සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනය පැවතුණ ද අද (12) පස්වරුවේ දුම්රිය ගමන් වාර 22 ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 12 September 2023
ත්රස්තවාදයට සේම අන්තවාදයටත් අපේ රටේ ඉඩක් නැහැ ත්රස්තවාදයට අප රටේ ඉඩක් නොමැති සේම අන්තවාදයට ද අප රටේ ඉඩක් නොමැති බවත් සියලු ජාතීන් හා ආගම් එකට එකතු වී හැම ජාතියකටම ආගමකටම අහිතකර ලෙස බලපෑම් සිදු කරන අන්තවාදය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 12 September 2023
වංචා දූෂණ සොයන කමිටුවලින් අරමුණු ඉටුකළ නොහැකියි ආණ්ඩුව වංචා දූෂණ සෙවීමට පත් කරන කමිටුවලින් අපේක්ෂිත අරමුණු ඉටු කළ නොහැකි බවත් එම කමිටු ‘හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ’ වැඩක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 12 September 2023
දුමින්ද නාගමුව සී අයි ඩී යට කැඳවයි මාධ්‍ය හමුවක් පවත්වමින් ටිරාන් අලස් මහතා වත්කම් පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලට අදාලව පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි. 12 September 2023
නාමල්ගේ අපල දුරුවෙන්න සළු පාලියක් පොදුජන පෙරමුණට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඇති අපල දුරු වීම සදහා සළුපාලි ශාන්ති කර්මයක් පොදුන පෙරමුණේ බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීම අවසානයේදී පැවැත්වීය. 12 September 2023
නීතීඥ සංගමයෙන් කතානායකට පැමිණිල්ලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිකරණයේ පවතින නඩු සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වන බව නීතීඥ සංගමය කතානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතා හමුවී දැනුම් දුන්නේය. 12 September 2023
බෙල්ලන්විල වනජීවියේ සිටි කළු වඳුරු පැටවු සොරකම් කරලා බෙල්ලන්විල අත්තිඩිය වන ජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කළු වඳුරු පැටව් සිවුදෙනකු සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය කියයි. 12 September 2023
බදුවලින් තැලෙන්නන්ට සහන මල්ලක් අධික බදු හේතුවෙන් පීඩාවට පත්ව සිටින වෘත්තිකයන් ඇතුළු පිරිස්වලට සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් අරඹන බව මුදල් අමාත්‍යංශයේ ප්‍රධානීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පැවසූහ. 12 September 2023
දුම්රිය රියැදුරු වර්ජනය දිග්ගැස්සෙන ලකුණු දුම්රිය රියදුරන් ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ වැඩවර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා මීට සුළු මොහොතකට පෙර ‘ලංකාදීප’යට පැවසීය. 12 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026