IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොහොට්ටුවට වෙට්ටු දාපු අයට බකට්ටුවක්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර ගොස් සමග ජන බලවේගය සමඟ සම්බන්ධවූ මන්ත්‍රීවරුන් හය දෙනා සම්බන්ධයෙන්  විනය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ බලය පක්ෂයේ විනය මණ්ඩලයට ලබාදීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළේය.

මේ අතර පක්ෂයේ කැඳවුම්කරුවන් ලෙස කටයුතු කරන පිරිස් සඳහා ආසන සංවිධායක තනතුරු පිරිනැමීමටද මෙහිදී තීරණය කර ඇත.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා විසිනි.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ දිස්ත්‍රික් මට්ටමින් කාන්තා සංවිධායකවරියන් පත් කිරීමටද  එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත

පක්ෂයේ දේශපාලන මණ්ඩලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කොළඹ විජේරාම මාවතේ  පිහිටි  නිල නිවසේදී ඊයේ(9) පස්වරුවේ රැස්විය. මෙම තීරණ ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු දේශපාලන මණ්ඩල සාමාජිකයෝ රැසක්ද  මෙම රැස්වීමට සහභාගිවූහ.



අදහස් (3)

පොහොට්ටුවට වෙට්ටු දාපු අයට බකට්ටුවක්

Lalla Wednesday, 10 April 2024 08:58 AM

පොහොට්ටුව තව ටික දවසකින් කුනුවෙලා වැටෙනව. පනුවො ගහල ඉවරයි. .තාවකාලික ත්රිල් එකකට තහනම් දඬුවම් දෙන්න...

:       11       33

Nimal Wednesday, 10 April 2024 01:09 PM

මේ කාලකණ්ණි පොහොට්ටුවන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්න. ජනතාව දැනටමත් තීරණය කර අවසන්.

:       2       13

ගමේ එකාලා Wednesday, 10 April 2024 01:45 PM

හොර පෙරකදෝරුවාට කරන්න පුලුවන් දෙයක් නැහැ. තව ටික කාලයක් යනකොට පොහොට්ටුවේ ඉතුරු වෙන්නේ දූෂිත පවුල් පාලනේ අය, වටේ හිටපු දූෂිතයින් ටික විතරයි.

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site