දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරයි දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය. 12 September 2023
නිදන් හෑරූ හතරක් අත්අඩංගුවට පෞරාණික වස්තු සෙවීමේ අරමුණින් රක්ෂිත කැලෑවක් මැද කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය පවසයි. 12 September 2023
ලංකාව න්‍යෂ්ටික අවි තහනම් ගිවිසුමට අත්සන් කරයි න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස 2001 දෙසැම්බර් මස 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි. 12 September 2023
දරුවෙකු අපයෝජනය කළැයි විදුහල්පතිට වසර 7ක සිර දඬුවම් වසර නවයකට පෙර මන්නාරම ප්‍රදේශයේ පාසලක් තුල බාලවයස්කාර දරුවකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ විදුහල්පතිවරයකු බරපතල වැඩසහිත වසර හතක සිරදඬුවමක් නියමකරන ලෙස මන්නාරම මහධිකරණ විනිසුරු එම්.එම්.මිහාල් මහතා නියෝග කළේය. 12 September 2023
තේ සමාගමට කෝප් කමිටුවෙන් මල්මිටක් කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම කෝටි 200ක ආදායමක් පසුගිය වසරේදී උපයා ගැනීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එම සමාගමේ පාලනාධිකාරියට ප්‍රශංසාව පුද කළේය. 12 September 2023
කාන්තාවන්ට අලුත් කොමිසමක් කාන්තා අයිතිවාසිකම් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව යන කටයුතු සඳහා නායකත්වය ලබා දීමට සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම සාධාරණත්වය සහ සම සමානත්වය සම්බන්ධයෙන් වන ගැටලු සදහා මැදිහත් වීමට විෂය බාර අමාත්‍යවරයා මගින් පාර්ලිමේන්තුව වෙත අවකාශ නිර්දේශ ලබා දීමට හැකිවන පරිදි ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල මණ්ඩල අනුමැතිය ලැබී තිබිණි. 12 September 2023
විදුලි වාහන ආනයන කරන්න අවසර ආයෝජන ආකර්ශනය කර ගැනීමේ අරමුණින් තීරු බදු රහිත පදනමින් නැවත ආරෝපණය කළ හැකි විදුලි වාහන ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 12 September 2023
මාස 4ක් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය ඉදිරි මාස හතරක කාලයක් තුළ ඔක්ටේන් 92 unl වර්ගයේ පෙට්‍රල් නැව් තොග හතරක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 12 September 2023
සත්ව බෙහෙත් මිල වැඩිවීම ගැන ඇමති වාර්තාවක් කැඳවයි සත්ව පාලන කටයුතු වල දී භාවිත කරන ඖෂධ මිල ඉහළ යාම පාලනය කිරීමට වැඩපිළිවෙළක් හදන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 September 2023
උද්ඝෝෂකයෝ ලෝටස් පාර වසති රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යයංශය ඉදිරිපිට මේ වන විට පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. 12 September 2023
නඩු භාණ්ඩ කාමරයෙන් කේරළ ගංජා අතුරුදන් වෙයි යාපනය ,මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ කේරළ ගංජා කිලෝ 50ක තොගයක් අස්ථානගත වී ඇති බව තෙලිප්පලේ පොලිසිය පවසයි. 12 September 2023
දුම්රිය වර්ජනයෙන් මගීහු නන්නත්තාර වෙති දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කර ඇති වැඩ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් ගමන්වාර 50 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 12 September 2023
අලි සබ්රි රහීම්ට මැති සබා කමිටු තහනම් රුපියල් කෝටි අටකට ආසන්න වටිනා රත්රන් සහ ජංගම දුරකතන තොගයක් ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75 ක දඩයක් නියමවු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ ඔහු නියෝජනය කරන සියලුම කමිටුවලින්ද ඉවත් කරන ලෙසටවූ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය. 12 September 2023
දුම්රිය වර්ජනය නිසා ඉංජිනේරු සිසුවා මරුට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත සිටි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය අසලදී අනතුරකින් අද (12) පෙරවරුවේ මරණයට පත්ව තිබේ. 12 September 2023
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට කැබිනට් අනුමැතිය මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 11 September 2023
සිව් හැවිරිදි දියණිය නිදි ඇඳේම මිය ගිහින් නිදාගෙන සිටි සිව් හැවිරිදි දැරියක් අද දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 11 September 2023
මහරගම වැඩබලන නාගරික ලේකම්ට චෝදනා පත්‍රයක් මහරගම නගර සභාවේ වැඩ ලබන ලේකම්වරයාගේ අක්‍රමිකතා සහ දූෂණ ක්‍රියා යැයි සඳහන් කරමින් එම නගර සභාවේ හිටපු උප සභාපති බන්දු ජයසිංහ මහතා ඇතුළු සමාජ ක්රියාකාරිකයන් පිරිසක් බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයාට චෝදනා පත්‍රයක් අද (11) භාරදුන්නේය. 11 September 2023
මොහු ගැන දන්නවා ද ? නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට උපකාර කළ බව කියන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල් රවිදු සංදිප ගුණසේකර නැමැත්තා අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. 11 September 2023
වට්ටක්කා ගොවීන්ට හතේ හත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා මිල පහළ බැසීමත් සමග හබරණ වට්ටක්කා ගොවීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 11 September 2023
කළුතර හතරක් පෝරකයට තියුණු ආයුධවලින් සහ මොට ආයුදවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් සිව්දෙනකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද මරණ දඩුවම නියම කළේය. 11 September 2023
මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිය පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය යැයි ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම දැනුම් දුන් බව, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලැබූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස් නාදා අල් නෂීෆ් පෙන්වා දුන්නාය. 11 September 2023
ගුරු උපදේශකයා දැරියගේ අනාගතය වනසලා පෞද්ගලික උපකාරක පන්තියක දී 14 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කරන ලදැයි කියමින්ගුරු උපදේශකවරයෙක් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 September 2023
හොර සහතික පෙන්නා ගුරු පත්වීම ගත් සිවිල් ආරක්ෂකයා මාට්ටු අපොස උසස් පෙළ සමත් බවට ව්‍යාජ අධ්‍යාපනය සහතිකයක් ඉදිරිපත් කර ගුරුපත්වීමක් ලබාගෙන සිටි සිව්ල් ආරක්ෂක භටයකු යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 11 September 2023
හරක්කටා සී.අයි.ඩීයෙන් පැන යන්න හදලා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වශයෙන් හැදින්වෙන නදුන් චින්තක හෙවෙත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 6 වැනි මහලේ දී විශේෂ ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලා යමට ගත් උත්සහයක් විශේෂ කාර්ය බළකායේ එම උප පොලිස් පරීක්ෂකවරයා සැකකරු සමග පොර බදා මහත් පරිශ්‍රමයක් යොදා මෙල්ල කර සිද්ධිය ව 11 September 2023
රත්මලාන වෙඩික්කරුවන් ආ යතුරු පැදිය ගඟෙන් ගොඩ ගනී රත්මලාන ඥානේන්ද්‍ර පාර බෝට්ටු හිමි ව්‍යාපාරිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදිය බණ්ඩාරගම කිදෙල්පිටිය බොල්ගොඩ ගඟේ අතුගඟක දමා ගොස් තිබියදී අද සවස සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි. 11 September 2023
ශ්‍රීලනිප මහලේකම් පුටුවේ වැඩ බලන්න සාරතී දුෂ්මන්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුරේ වැඩ බැලීමට හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සාරතී දුෂ්මන්ත මහතා පත්කරනු ලැබ සිටී 11 September 2023
හොර ස්ටිකර් අරක්කු බෝතලයෙන් 2900 ගසා කාලා ව්‍යාජ ස්ටිකර් නිසා මත්පැන් බෝතලයකින් රජයට රුපියල් 2900ක බදු වංචාවක් සිදුවන බැවින් දැනට තිබෙන ස්ටිකර් ටෙන්ඩරය අවලංගු කර නැවත වහාම ටෙන්ඩර් කැඳවන්නැයි ක්‍රම සහ විවිධ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අදාල අංශවලට නියෝග කළේය. 11 September 2023
බඹරකන්දේ තනි වූ යුවළ ජී.පී.එස් තාක්ෂණයෙන් සොයා ගනී හල්දුම්මුල්ල බඹරකන්ද යාල තැන්න දිය ඇල්ල අසල වනයේ දින දෙකක් අතරමංව සිටි යුවළක් අද 11 සවස පොලිසිය ජී. පී. එස්. තාක්ෂණය ඔස්සේ කැලෑවට ගොස් සොයාගෙන නිරුපද්‍රිතව බේරාගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 11 September 2023
කෝටි 11ක දුම්වැටි රේගු දැලේ රුපියල් කෝටි එකොළහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි හතලිස් පන් ලක්ෂයක් රේගුවට ප්‍රකාශ නොකර , නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට බහාලුමක් තුළ බහා කොළඹ වරායට ගෙනැවිත් තිබියදී ශ්‍රී ලංකා රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් , ග්‍රේ ලයින් බහාලුම් අංගයේ දී අද (11) පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය . 11 September 2023
මරදානේදී දුම්රියක් පිලී පනී මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය දුම්රිය අංගනයේ සිට මරදාන දුම්රිය ස්ථානය වෙත ඇතුළත් කිරීමේදී පිලී පැනිමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026