IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට විශ්‍රාමික ජීවනාධාරයක්

(යොහාන් භාසුර)

ටවර් හෝල් රඟහල පදනම ක්‍රියාත්මක කරන විශ්‍රාමික කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන යටතේ කලාකරුවන්ට අලුත් අවුරුදු තිළිණ ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් මෙම තිළිණ ප්‍රදානය කෙරිණි.

ඒ අනුව කලාකරුවන් 20 දෙනෙකු ඇතුළත් කර ගැනීමත්, දැනට මාසිකව රුපියල් 7,500ක විශ්‍රාමික ජීවනාධාරය ලබන කලාකරුවන් 102 දෙනා ද ඇතුළුව සමස්ත කලාකරුවන් 122 දෙනා සඳහා අප්‍රේල් මස සිට රුපියල් 7,500ක දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩිකර දීම සහ  අලුතින් බඳවා ගත් කලාකරුවන් සඳහා පත්වීම් ලිපි ද මෙහිදී පිරිනැමීය.

ජීවනාධාර හිමි කලාකරුවන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලේකම් සෝමරත්න විදානපතිරණ, අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් සහභාගි වූහ. 



අදහස් (2)

ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට විශ්‍රාමික ජීවනාධාරයක්

බද්රානි Tuesday, 09 April 2024 01:33 PM

හම්බකරන මුදල් වලින් කාලා බීලා ජොලි කරලා, අවසානයේ ආණ්ඩුවෙන් හිඟා කනවා... දේශ පාලුවන් හිනා වෙවී, පිනට දුන්නට, මේවා මහජනතාවගේ බදු මුදල්...දේශපාලකයින්ට ගැති කම් කරන ලංකාවේ නලා කාරයින්ව මට නම් අප්‍රසන්නයි...ඇස් දෙක පියා ගනිද්දී, දේශපාලකයින්ව මැවිලා පෙනෙන නිලියෝනේ ලංකාවේ ඉන්නේ... චිහ්!!

:       3       19

Naatakaya Tuesday, 09 April 2024 06:55 PM

කුහක පද්දානි සහ එම කමෙන්ටුව අනුමත කරන නිකං ජොලිකරන පුරවැසියො වෙත. කාලා බීලා ජොලි කලේ කලාකරුවන් නොව, ඔබලා වැනි සමාජයට කිසි වැදගත් වැඩක් නොකළවුන්ය. කලාකරුවන්ගේ කෘතීන් රසවිදින්නියක් හැටියට, කෘතීන් රස විඳින හැම අවස්ථාවකම, කලාකරුවාට කෘතභාග බද්ද ගෙව්වා නම්, කලාකරුවන් අසරණ වන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිවේදීහු පහකට ජනාධිපති බහුමාන
2024 මැයි මස 02 124 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබේ .


විධායක නිලධාරීන්ට සාකච්ඡාවක්
2024 මැයි මස 02 284 0

රජයේ විධායක නිලධාරීන් මුහුණ දී සිටින වැටුප් සහ දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ක්‍රියාත්මක කරන දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ විරෝධය හේතුවෙන් රජයේ විධාය


සීදූව හිටපු නාගරික මන්ත්‍රී කුඩු සමග මාට්ටු
2024 මැයි මස 02 7 0

අයිස් පානය කිරීමට ඇබ්බැහි ව සිටින බව කියන කටුනායක සිදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍ර


‘‘දූෂණ හෙළි කරනවාට බයේ මට වස දුන්නා‘‘
2024 මැයි මස 02 772 0

මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අ


යාපනයේ රෝහලක් අසලින් මිනිස් ඇටකටු හමුවේ
2024 මැයි මස 02 324 0

යාපනය පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරයි.


පොල් නිෂ්පාදන මිලියන 19131ක් සොයයි
2024 මැයි මස 02 205 0

2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 445 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1860 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1665 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site