බස්නාහිර. සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද අකුණු ද ඇති විය හැකි බවද කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

දෘශ්‍ය ලෙස සූර්ය උතුරට ගමන් කිරීමේදී සූර්යා අද දින දහවල් 12.11 ට උඩප්පුව,ආඬිගම,පිදිවිල්ල, බකමූණ,නුවරගල සහ එරාවුර් යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇති බව ද කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.