
(අංජුල මහික වීරරත්න)
තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඊට අවශ්‍ය පරිසරය සැකසීම වැඩිහිටියන්ගේ වගකීම බව කී රණවක මහතා එක්සත් ජනරජ පෙරමුණ යටතේ තාරුණ්‍යයේ නිදහස සහ නිර්මාණශීලීත්වයට අවකාශ සැලසෙන බව කීය.
වර්තමාන පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 40 ට අඩු සාමාජිකයන් ගණන 26 ක් බවද එහෙත් අවුරුදු 60 ත් 90 ත් අතර 57 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටින්නේ යැයිද කී රණවක මහතා කාන්තා නියෝජනය ද අවම බව පැවසීය.
බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති එක්සත් ජනරජ පෙරමුණේ තරුණ සමුළුව අමතමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔබතුමා කොයි කුලකයට ද වැටෙන්නේ...? 1965 අගෝ. 04 දැන් 58යි. වේදිකාවෙන් බැස යන්න කාලයයි උතුමාණනි. ආයු රක්ඛන්තු ආවඩා!!!
වයස වැඩි වුණත්, ආණ්ඩු වුණත් ඒ හැමෝම ඔය පක්ෂවලින් ලැයිස්තු වලට දාපු උදවිය. ඒ ගොල්ලෝ මොනතරම් කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳන් අත උස්සලාද අපේ රට වලේ දැම්මේ කියන එකයි වැදගත්... දැන් ඔය සුදු ඇඳගෙන වඩාගෙන ආවාට ඒ හැමෝම අවුරුදු ගාණක් රට වනසපු අය...
ඉතින් ප්‍රශ්නය මොකක්ද? අවුරුදු 21දී චේගුවේරා කල්ලිය නොහොත් ජේවීපී එක පිහිටුවා ගෙන අවුරුදු 28 වෙනකොට රජයක් අල්ලාගෙන රට පාලනය කරන්න හදපු කෙනාගේ පස්සේ යන චූ කොල්ලෝ රට පාලනය කරන්න හොඳද? 60 පැන්නා කියන්නේ දේශපාලන අත්දැකීම් තවත් මදියි කියන එකයි. ප්‍රශ්නය අවුරුදු 20 - 30 දී අවුරුදු 60-70 දේශපාලන අත් දකීම් පෙන්නන්න ගිහිල්ලා පස්ස ඉරා ගැනීමයි.
හැට පැනපු ඝණයට මෙයාත් අයිතියි නේ
ඡන්දය දෙන්නේ මිනිස්සු. එබැවින් යහපත්, ජවසම්පන්න, තරුණ, උගත් මිනිසුන් තම නායකයින් ලෙස පත් කර ගැනීම සඳහා ජනතාව ඊළඟ වතාවේ තම වගකීම් ඉටු කළ යුතුය.
ඔහොම කිව්වට ඇමෙරිකාවෙයි රුසියාවෙයි ඉන්නෙ පටට නාකි දේශපාලුවො නේද?