(මනෝප්‍රිය ගුණසේකර)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිගා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තා කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මින් ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට දැනුම් දුන්නාය.
තමන් සපයා ඇති ඖෂධ පරීක්‍ෂා කිරීමට හැකියාවක් නැති බව ඖෂධ නියාමන අධිකාරිය දැනුම් දී ඇති තත්වයක් තුළ තමන් සෞඛ්‍ය අමාත්‍යංශයට සපයා ඇති ඖෂධ බාල තත්වයේ බව කියන්නේ කෙසේද? යනුවෙන් බාල ඖෂධ ගෙන්වු බව කියමින් රිමාන්ඩ් බාරයට පත් කොට සිටින ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්වරිය එසේ කීවාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය එසේ කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහා අපරාදයට කෙහෙළිය විතරක් නෙමෙයි, මේ මුළු ආණ්ඩුවම වගකිව යුතුයි, අසරණ රෝගීන්ට දෙන බෙහෙත් වලටත් මෙහම කරනවා නම්, මේ මිනිස්සු අපි කන කෑම කියල මොනව ගෙන්වල දෙනවා ඇත්ද ?
අල්ලන්න වත් හොද නැහැ කියන බෙහෙත් ගෙනෙන්න දහඩිය හෙලාගෙන දිවාරෑ නොබලා වෙහෙස මහන්සියෙන් කටයුතු කල නිසා අත් අඩංගුවට පත්වූ මිනිහගෙ මානව හිමිකම් උල්ලංඝනය වුනා කියලා ගෑනියෙක් කියලා තිබුනා .එතකොට කාගෙද මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙන්නෙ කියලා කල්පනාවට ගන්න. ශක්තියක් මොන්ටිසෝරියකට වත් නොගිය මට නම් නැහැ
පොහොට්ටුවට ලැබුන ඇමතිකම් කිහිපයෙන් හොදම (වැඩිම ගානක් හොරකම් කරන්න පුළුවන් නිසා ) ඇමතිකම දුන්නේ කෙහෙලියට. ඒ අනේ කෙහෙළිය ඔබ හොදට හම්බකරලා දියුනුවෙයන් කියලා නොවෙයි. හොදට හොරකම් කරලා පොහොට්ටුවට සල්ලි ගෙනෙන් කියලා. ඔය විදිහට ගොඩ ගහන සල්ලි තමයි චන්ද කාලෙට බිලියන ගණන් ගෙවලා මන්ත්‍රීවරු එහෙට මෙහෙට ගන්නේ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකාම මේ අපරාධ සල්ලි වලින් කනවා. මේවා ලියපුහාම ඒවා අපේ සර්ලට නරක විදිහට බනිනවා කියලා පල නොකරන එවුනුත් ඉන්නවා. ඒ වුන්ටත් ඔය ඉඩ හිටලා අරක්කු ටිකක් කියක් හරි හොයාගන්න ක්‍රමයක් කඩප්පුලි වැඩක් කරලා අහු වුනාම පොලිසියට කතා කරලා බේරලා දෙන දේශපාලකයෝ යාළුවො නිසා. ඔය එකෙව්කුටවත් තේරෙන්නේ නෑ තමන් මැරුණට පස්සේ තමන්ගේ දරුවා මේ අපායේ දක් විදිනවා කියලා. ඔක්කොම හොරු. අපරාධ කාරයෝ.
මේකට සම්බන්ධ දොස් චොරාලා ගැන කතාවක් නැත්තේ ඇයි..? අනිවාර්යයෙන්ම "ගොමා" කියන දොස්තර මාෆියා කල්ලිය මේ පිටුපස සිටිනවා...මෙවුන්ට හෙන ගහන්න ඕනා මේ කරන අපරාද වලට...!!!
මේ බෙහෙත් මේ ගෙන්නපු එවුන්ටම විදලා බලන්න
ලංකාවේ අසරණ රෝගීන්ට බාල බෙහෙත් .දුෂිත දේසපාලුවෝ ලෙඩ වුණාම යන්නේ සිංගප්පුරුවේ.කාලකන්නි දුෂිත දේශපාලුවන්ට සාපවෙනවා අසරණ රෝගීන්ට කරපු අපරාදෙට..
නිදොස්කොට නිදහස්...!
පිළිකාවක් වැළඳුණු රෝගියෙක් යනු කොපමණ මුදල් තිබුණත් නෑයො හිටියත් රෝගියා පමණක් නොව මුලු පවුලම අන්ත අසරණ වෙන තත්වයක් .එසේ අසරණව සිටින රෝගීන් රවටන,එම බෙහෙතෙන් ගසා කෑවේ මිනිස්සු නම් වෙන්න බැහැ .අරාබි දඬුවම් දෙන්න ඹ්නෙ.
අහින්සක ලෙඩ්ඩුන්ට දෙන බේතට වන්චා කරන කාලකන්නි කොහේ ගිහින් ගෙවන්නද?
හිතක්, පපුවක් නැති පව්කාරයෝ. පව් අසරණ රෝගීන්... මේ බෙහෙත් ගෙනැල්ලා ගසාකාපු අයටම මේවා දෙන්නයි වටින්නේ...
කරන්න පුළුවන් ලොකුම කඩප්පුලි අපරාධය කරලා වචනවල පිහිටෙන් ගැලවෙන්න බලන්නේ... කෙහෙල් කොටුවට සිංගප්පූරුවේ බෙහෙත් දෙන්නේ නැතුව උන්දෑ පෙන්නපු බෙහෙත්ම දුන්නා නම් වැඩේ ගොඩ...