IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


‘‘පිළිකා රෝගීන්ට දුන් බෙහෙත් අල්ලන්නවත් හොඳ නෑ‘‘

(මනෝප්‍රිය ගුණසේකර)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිගා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තා කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මින් ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට  දැනුම් දුන්නාය.

තමන් සපයා ඇති ඖෂධ පරීක්‍ෂා කිරීමට හැකියාවක් නැති බව ඖෂධ නියාමන අධිකාරිය දැනුම් දී ඇති තත්වයක් තුළ තමන් සෞඛ්‍ය අමාත්‍යංශයට සපයා ඇති ඖෂධ බාල තත්වයේ බව කියන්නේ කෙසේද? යනුවෙන් බාල ඖෂධ ගෙන්වු බව කියමින් රිමාන්ඩ් බාරයට පත් කොට සිටින ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්වරිය එසේ කීවාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය එසේ කීවාය.

 



අදහස් (15)

‘‘පිළිකා රෝගීන්ට දුන් බෙහෙත් අල්ලන්නවත් හොඳ නෑ‘‘

Ashoka Tuesday, 09 April 2024 07:36 AM

මේ මහා අපරාදයට කෙහෙළිය විතරක් නෙමෙයි, මේ මුළු ආණ්ඩුවම වගකිව යුතුයි, අසරණ රෝගීන්ට දෙන බෙහෙත් වලටත් මෙහම කරනවා නම්, මේ මිනිස්සු අපි කන කෑම කියල මොනව ගෙන්වල දෙනවා ඇත්ද ?

:       4       113

මොට්ටපාල Tuesday, 09 April 2024 12:56 PM

අල්ලන්න වත් හොද නැහැ කියන බෙහෙත් ගෙනෙන්න දහඩිය හෙලාගෙන දිවාරෑ නොබලා වෙහෙස මහන්සියෙන් කටයුතු කල නිසා අත් අඩංගුවට පත්වූ මිනිහගෙ මානව හිමිකම් උල්ලංඝනය වුනා කියලා ගෑනියෙක් කියලා තිබුනා .එතකොට කාගෙද මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙන්නෙ කියලා කල්පනාවට ගන්න. ශක්තියක් මොන්ටිසෝරියකට වත් නොගිය මට නම් නැහැ

:       0       79

sathyapala Tuesday, 09 April 2024 01:04 PM

පොහොට්ටුවට ලැබුන ඇමතිකම් කිහිපයෙන් හොදම (වැඩිම ගානක් හොරකම් කරන්න පුළුවන් නිසා ) ඇමතිකම දුන්නේ කෙහෙලියට. ඒ අනේ කෙහෙළිය ඔබ හොදට හම්බකරලා දියුනුවෙයන් කියලා නොවෙයි. හොදට හොරකම් කරලා පොහොට්ටුවට සල්ලි ගෙනෙන් කියලා. ඔය විදිහට ගොඩ ගහන සල්ලි තමයි චන්ද කාලෙට බිලියන ගණන් ගෙවලා මන්ත්‍රීවරු එහෙට මෙහෙට ගන්නේ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකාම මේ අපරාධ සල්ලි වලින් කනවා. මේවා ලියපුහාම ඒවා අපේ සර්ලට නරක විදිහට බනිනවා කියලා පල නොකරන එවුනුත් ඉන්නවා. ඒ වුන්ටත් ඔය ඉඩ හිටලා අරක්කු ටිකක් කියක් හරි හොයාගන්න ක්‍රමයක් කඩප්පුලි වැඩක් කරලා අහු වුනාම පොලිසියට කතා කරලා බේරලා දෙන දේශපාලකයෝ යාළුවො නිසා. ඔය එකෙව්කුටවත් තේරෙන්නේ නෑ තමන් මැරුණට පස්සේ තමන්ගේ දරුවා මේ අපායේ දක් විදිනවා කියලා. ඔක්කොම හොරු. අපරාධ කාරයෝ.

:       5       89

විජිත් Tuesday, 09 April 2024 04:57 PM

සත්‍යපාල, මට බොහොමත්ම සතුටුයි .ඔබ වැනි ඇත්ත ඇති සැටියෙන්ම දකින , නොබියව කතාකරන රටවැසියන් මේ රටේ සිටීම ගැන. ඔබ වැනි රටවැසියන් ලක්ෂ ගණනින් බිහිවේවා !!!

:       1       7

LochanaWednesday, 10 April 2024 04:20 AM

ඒක ඇත්ත

:       0       5

නන්දපාලWednesday, 10 April 2024 10:12 AM

සත්‍යපාල හරියටම හරි කියන්න පුළුවන්... ඇත්තටම ඉදිරි දැක්මක් නැති පොහොට්ටුවෝ දිනන්නේ දෙයියන්ගේ මල්ලි ඉදිරියට දාලා කියලා පේනවා. මුලින්ම සුනාමි වංචාව මගින් ඉපැයූ මුදල් ජයග්‍රහණය සඳහා යොදාගන්න ඇති. ඊළඟට ආණ්ඩුවේ ඇමතියෝ මෙහෙම උපයන මුදලින් පක්ෂය පෝෂණය කර එමගින් ජයග්‍රහණය කරනවා වෙන්න පුළුවන්... එහෙම නම් මෙයට පක්ෂයේ ප්‍රබලයෝත් වගකිවයුතුයි. පොහොට්ටුව දිනවීමට කටයුතු කළ වතුර දෙබෑකරගෙන මහා ශබ්දයක් නගමින් නයා ගෙන්වූ ඔක්කෝමලා විස බෙහෙත් ගෙන්වීමට වගකිවයුතුයි..

:       1       6

බද්රානි Tuesday, 09 April 2024 01:27 PM

මේකට සම්බන්ධ දොස් චොරාලා ගැන කතාවක් නැත්තේ ඇයි..? අනිවාර්යයෙන්ම "ගොමා" කියන දොස්තර මාෆියා කල්ලිය මේ පිටුපස සිටිනවා...මෙවුන්ට හෙන ගහන්න ඕනා මේ කරන අපරාද වලට...!!!

:       7       55

Dewa Tuesday, 09 April 2024 01:28 PM

මේ බෙහෙත් මේ ගෙන්නපු එවුන්ටම විදලා බලන්න

:       0       57

kamalTuesday, 09 April 2024 01:56 PM

ඒ අය බෙහෙත් ගන්නේ සිංගප්පූරුවේ.

:       0       40

ගමේ එකාලා Tuesday, 09 April 2024 04:13 PM

ලංකාවේ අසරණ රෝගීන්ට බාල බෙහෙත් .දුෂිත දේසපාලුවෝ ලෙඩ වුණාම යන්නේ සිංගප්පුරුවේ.කාලකන්නි දුෂිත දේශපාලුවන්ට සාපවෙනවා අසරණ රෝගීන්ට කරපු අපරාදෙට..

:       0       3

lakvidu Tuesday, 09 April 2024 07:04 PM

නිදොස්කොට නිදහස්...!

:       0       3

M.Gammanpila Wednesday, 10 April 2024 10:48 AM

පිළිකාවක් වැළඳුණු රෝගියෙක් යනු කොපමණ මුදල් තිබුණත් නෑයො හිටියත් රෝගියා පමණක් නොව මුලු පවුලම අන්ත අසරණ වෙන තත්වයක් .එසේ අසරණව සිටින රෝගීන් රවටන,එම බෙහෙතෙන් ගසා කෑවේ මිනිස්සු නම් වෙන්න බැහැ .අරාබි දඬුවම් දෙන්න ඹ්නෙ.

:       0       10

Upeksha Wednesday, 10 April 2024 11:23 AM

අහින්සක ලෙඩ්ඩුන්ට දෙන බේතට වන්චා කරන කාලකන්නි කොහේ ගිහින් ගෙවන්නද?

:       0       7

ගමේ එකාලා Wednesday, 10 April 2024 01:13 PM

හිතක්, පපුවක් නැති පව්කාරයෝ. පව් අසරණ රෝගීන්... මේ බෙහෙත් ගෙනැල්ලා ගසාකාපු අයටම මේවා දෙන්නයි වටින්නේ...

:       0       10

Sharm Wednesday, 10 April 2024 06:36 PM

කරන්න පුළුවන් ලොකුම කඩප්පුලි අපරාධය කරලා වචනවල පිහිටෙන් ගැලවෙන්න බලන්නේ... කෙහෙල් කොටුවට සිංගප්පූරුවේ බෙහෙත් දෙන්නේ නැතුව උන්දෑ පෙන්නපු බෙහෙත්ම දුන්නා නම් වැඩේ ගොඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාස දෙකහමාරේ බිළිඳියගේ සිරුර ලිදක
2024 මැයි මස 02 76 0

කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ ,මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුර එම නිවසේ ලිදේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


හපුතලේ-බෙරගල අතර එක් මංතීරුවකට සීමා වෙයි
2024 මැයි මස 02 423 0

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද(01) දින දෙවන වරටත් ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකර


දවසේ කාලගුණය
2024 මැයි මස 02 143 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බන


උසස් පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 1626 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 1493 13

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 2172 13

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 438 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1852 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1663 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site