(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය ආපසු ගෙවීම 2028 වසර තෙක් අත් හිටුවීමට නිල ණය හිමියන් කණ්ඩායම සමග කළ සාකච්ඡා අවසාන අදියරේ තිබෙන බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කළේය
ජපානය ඇතුළු ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් චීනය ශ්‍රී ලංකාවට එල්ල කරන බලපෑම අවම කිරීමට උත්සාහ දරමින් සිටින බවද නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කළේය.
මෙරට ණය ආපසු ගෙවීම 2028 වසර තෙක් අත් හිටුවීමට ණය හිමියන් කණ්ඩායම සමග සිදුකළ සාකච්ඡා අවසන් වී තිබෙන බවත් ඉදිරි සති කීපය තුළදී ඒ පිළිබඳ නිල වශයෙන් දැනුම් දීමට හැකිවනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා නිකෙයි නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
තව දුරටත් ණය කපහැරීමක් සිදු නොවනු ඇති බවත් ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීමට වසර 15 ක කාලයක් ලැබෙනු ඇති බවත් සාගල රත්නායක මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පැවැසුවේය.
ඒ අනුව 2028 සිට 2042 වසර දක්වා මෙරට ණය සියයට 2 ක පමණ නව පොලී අනුපාතිකයක් යටතේ ආපසු ගෙවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි රත්නායක මහතා එහිදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ හොරු ඊළඟ පරම්පරාවට දීපු දෑවැද්ද..!
රනිල් මාර නායකයෙක් නේද? රට ගොඩගන්න අඩිතාලම දාලා කියන්නේ... මේ ඒ අඩිතාලම වෙන්න ඇති.
සාගල මහත්තයෝ... මේ ණය නොගෙවා ඉන්න කාලෙට ඒ ණයට පොලිය එකතුවෙනවාද? නැද්ද?
එම කාලය තුල පොලියට පොලි එකතු වෙන්නෙත් නැද්ද?
ඒ කියන්නේ 2028 සිට (තවත් අවුරුදු 4 කට පස්සේ නැවතත් දැඩි අහේනියක් ඇතිවෙනවා කියලාද මහත්තයෝ... එහෙම නම් ඊට ඉස්සර වෙලා (දැන් සිටම ) නිෂ්පාදනය වැඩිකර අපනයන ආදායම් වැඩිකරන්න ඕනැ. ඒ වගේම දැන් වගේ කනබොන දේවල් රටින්ම ගේන එක නවතා වගාකිරීම වේගවත් කරන්න ඕනෑ...
දැන් පොර ටෝක් දෙන්න ගනිවී ආර්ථිකේ දියුණු කළා කියලා