(ගයාන් සූරියආරච්චි සහ අංජුල මහික වීරරත්න)
රාමසාන් උත්සව දිනය වෙනුවෙන් හෙට (11) ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350 කට අධික නිලධාරින් පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසයි.
සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම් දේවස්ථාන වල මව්ලවිතුමන්ලා හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇති අතර, ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203 ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453 කට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට මෙම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
අඒ අනුව පොලිස් නිළධාරීන් 5,580 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 510 ක් සහ ත්‍රිවිධ හමුදා නිළධාරීන් 1,260 ක් සමගින් 7,350 කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට මේ වනවිටත් කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ජනතාව ගේ බදු මුදල් යන්නේ හම්බයයින්ගේ ක්‍රිස්තියානි කාරයින්ගේ පල්ලි රකින්න නේ. උන් ගේ ආගමික ප්‍රශ්න විසදන්න ඕනේ කුරස යුද්ද නවත්වන්න ඕනේ බෞද්ධ අපිද? මේ මොන මරාලයකද අපිට කඩා වැටුනේ.
පාස්කුවේදී තොරතුරු ලැබිලත් අපිට කෙලවෙනකම් බලන් හිටියා .මුස්ලිම් චන්ද ගන්න නටන නාඩගමක් .ඔය පල්ලිවලට ගහන්න කවුරුත් නැහැ .