(ආරියරත්න  රණබාහු)

මෙම2024වර්ෂය සඳහා  ජන්ද හිමි නාමලේඛන සැකසීම අද( 09  )සිට මැයි දහවෙනිදා දක්වා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්   ශ්‍රි   රත්නායක මහතා පැවසීය.

ඒ අනුව මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනයට තම නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකි වූ පිරිස් හට අද සිට මැයි දහවෙනිදා දක්වා ඊට අවස්ථාව සැලසේ .

 .නම ඇතුලත් කර ගැනීම  ග්‍රාම නිලධාරී කාර්යාලය ට හෝ මැතිවරණ කාර්යාලයට හෝ ගොස් කළ හැකි වේ .එසේ නැතිනම් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස නම ඇතුළත් කරගත හැකි බව  ඒ මහතා  කීය.