(අංජුල මහික වීරරත්න)
රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට ඇති කඩිනම් විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන බව කී ජනාධිපතිවරයා එම ප්‍රතිලාභය ජනතාවට හිමිකර දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම නීතිගත කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි මහනුවර නීතිඥවරුන් සමඟ මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති සුහද හමුවේදීය.
එසේම සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් ගෙන එන බව පැවසූ ජනාධිපතිවරයා එම කටයුතු සඳහා නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වට්ටපු රට කියන එක පව්, වසර 76 ක් මේ රට ජනතාව අන්දමින් විවිධ ඡන්ද අල්ලස් දෙමින් තමන් සහ තම කණ්ඩායම පමණක් දියුනුවිය යුතුයි කියන සැගවුනු අත්මාර්ථකාමී පටු අරමුණු වලින් කටයුතු කල දූෂිත වංචනික කපටි දේශපාලනය හා එමගින් ඇති කල දූෂිත සංස්කෘතිය විසින් මෙපමණ වටිනා පිහිටීමක් ඇති සම්පත්වලින් අනූන මේ ස්වර්ණභූමිය අපායක්කර කඩාවට්ටපු පාලකයන් තවදුරටත් වැටුනු රට ගොඩගන්නයැයි පුරසාරම් කියමින් නැවත ජනයා අන්දවීමට කටයුතු කිරිීම අවබෝධයෙන් වටහා ගතයුතුය.නොවැටු රටක්ව පැවතියදී ගොඩනගන්න බැරිවූ රට මේ පාලකයන්ට කෙදිනකවත් ගොඩ නැගිය නොහැකිය .ජනතාවට නැවත ඡන්ද අල්ලස් දෙමින් ජනතාව මෝඩයන් කිරීම තම බල තණ්හාව මුදුම්පත් කරගැනීම අරමුණ මිස වෙන කිසිවක් නැත.මෙදා රැවටුනහොත් මේ රටේ දරුවන්ට හෙටක් ඇත්තේම නැත.නමුත් පාලකයන් යෙහෙන් වැජබෙමින් ඇත.
මේ වහන්සේට තේරෙන්නෙ නැති හැටි. අයිඑම්එෆ් ගිය පමණින් රටක් හදන්න බෑ. දූෂණය වංචාව නතර නොකර. කර්මාන්ත එකිනෙක වැහීගෙන යනවා. ආයෝජන එන්නෙම නෑ. මෙයාට දැන් තියෙන එකම දේ මුස්ලිම් දෙමළ ඡන්ද ලබාගැනීමේ උවමනාව.
ඔය ඔක්කොම කරකවලා මෙයා අරන් එන්නේ චන්ද නොතියන තැනට
රටේ තිබෙන බහුභූත නීති සහ රෙගුලාසි නිසා මනුස්සයෙක්ට නිත්‍යානුකුලව ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලංකාවේ හරිම අමරුයි. බොහෝ දෙනෙක් සිදුවෙලා තිබෙන්නේ නිලධාරීන්ට කියක් හෝ අල්ලස් දීල තම වැඩ ටික නීතියට පිටින් කරගෙන යන්න , එහෙම කරනකොට රජයට ලැබෙන වෙනත් බදු සහ ආදායම් බදු නිසිලෙස නොලැබේ
සී.සී.තරංග පෙරේරා අනෙක් මිනිස්සු රට වැට්ටුවා කියලා අනුන්ට දොස් කියලා හරියන්නේ නැහැ රට වාසී කිසිවෙකුට එහෙම කියලා ඇග බේරගන්න බැහැ කොහොම වුනත් මම දකින්නෙ නම් නිදහස ගත්තු දවසේ සිට ජනතා කැමැත්ත නැති සමාජවාදීන් කියාගත්තාවූ පිරිසක් විසින් කල කඩාකප්පල් කිරීම් රටේ විනාශයට හේතුවක් වුනා 53 හර්තාලය 71 කැරැල්ල හා87-89 කැරැල්ල මෙහෙම වෙන්න හේතුවක් වුනා අන්තිමේ සුනාමි විනාශය වෙනුවෙන් ලැබුණු ආධාර ගසාකෑවා සංවර්ධනය කියලා විදේශ ණය අරගෙන යටිමඩි ගසා ගත්තා අන්තිමේ එහෙම එවුන් රට බේරාගත් විරුවො බවට පත්කලා ඉතින් සී.සී තරංග පෙරේරා දැන්වත් අනුන්ට දොස් කීම නවත්වලා නුඹවත් ඉදිරියට ගිහිල්ලා මේ රට බේරගනින්කො